උණුසුම් පුවත්
Search
Untitled design 40

” ආයෙ උපදින ආත්මෙකදිවත් එයා පාගපු වැලි ඇටයක්වත් පාගන්න කැමති නැහැ ” – සේමිණි ඉද්දමල්ගොඩ

286

සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ සිංහල සිනමාව තුළ පමණක් නොව ටෙලි නාට්‍ය කලාව තුළත් සිය අද්විතීය තාත්වික රංගනය ඔස්සේ රසික සිත් සතන් පිනවන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. සම්භාව්‍ය ගණයේ ලා අයත් වන නිර්මාණයන් තුළ මෙන්ම yes boss වැනි විනෝදාත්මක නිර්මාණයන් තුළත් ඇය ඇගේ රංගන හැකියාව අපූරුවට විදහා දක්වනවා. ඇය කුඩා කල දී අධ්‍යාපනය හදාරන්නේ නියාගම කනිෂ්ඨ විද්‍යාලයෙන්.

126538774 1843116785845542 3439119143278886499 n

ඒ වෙනකොට ඇයගේ මව පියා යන දෙපළ ම විදෙස්ගත වෙලා තමයි හිටියෙ. ඉතින් ඇය පාසල් යන්නෙ ඇල්පිටියෙ සිටින ඇගේ ලොකු අම්මලගෙ ගෙදර ඉදං. ඉන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය කොළඹ එන අතර එහි නේවාසිකව ලබන අධ්‍යාපනය ඇයට තරමක් නුහුරු අත්දැකීමක් වුනා. නමුත් ටික කලකින් ඇය එම ජීවිතයට හුරු වෙනවා. ඉතින් එක්තරා යූටියුබ් නාලිකාවක මාධ්‍යවේදියෙක් ඇගෙන් ඇය කලා ලෝකයේ මුලින්ම සම්බන්ධ වන නිර්මාණය පිළිබඳව ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

269917150 2162079130615971 5833571541509527298 n

” පාසලෙන් අයින් වුණාට පස්සේ මගේ එකම අරමුණ වුණේ විවාහ වෙන්න ඒ වෙන කොට ධම්මික මාත් එක්ක යාළු වෙලා හිටියා මට ඕන වුණේ විවාහ වෙන්න ළමයි හදන්න ආසාව තිබ්බා මට රඟපාන්න ඒ උනාට අම්මලා ඒකට චාන්ස් එකක් දුන්නේ නැහැ. ඒ උනාට ධම්මිකත් එක්ක යාලුවෙලා ඉන්න දවස් වල පොඩි පොඩි දේවල් වලට සම්බන්ධ වුනා. වෙසක් කාලෙට භක්ති ගීත වලට සම්බන්ධ වුනා. ඉස්සර මගේ හිතේ දෙයක් තිබ්බා යම් දෙයක් අපිට ලැබෙන්න නම් ඒක අපි සොයා පැමිණිය යුතුයි කියලා. ඊට පස්සේ මට හිතුනා රංගන ක්ෂේත්‍රය මට හිමි නැහැ මට හොඳ කොල්ලෙක් හම්බ වෙලා ඉන්නවා කියලා “

56931970 1273933796097180 8072189079174774784 n

ඒ වගේම මාධ්‍යවේදියා විසින් ඇයගේ ජීවිතයේ ඇය අකමැති ම පුද්ගලයා පිළිබඳව ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්. “කලින් මගේ හොඳ යාළුවෙක් හිටියා. නමුත් එයා එක්ක දැන් සම්බන්ධයක් නැහැ. මම ආයෙ උපදින ආත්මෙකදිවත් එයා පාගපු වැලි ඇටයක්වත් පාගන්න කැමති නැහැ.” ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා සුභ පැතුම් එක්කරනවා.

247142823 2116169025206982 3078351801671774093 n