මෙරට ප්රමුඛ පෙළේ විද්‍යුත් රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ සේවකයින් ආයතනය ඉදිරිපිට විරෝධතා පුවරු දක්වමින් සිය විරෝධතාවය දැක්වීමක් අද (04) දහවල් කාලයේ සිදු කෙරුණා.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චිගේ බලපෑම් වලට එරෙහිව හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවය දියත් කළේ.
සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධුරයට පත්වීමට පෙර සිටම ස්වර්ණවාහිනී ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් හොබවනු ලැබුවා.