උණුසුම් පුවත්
Search
maheesh

දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට උසස්වීමක්

356

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික, යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට උසස් වීමක් හිමිව තිබෙනවා.

ඒ ඔහු සැරයන් නිලයට උසස් කිරීමත් සමඟයි.

යුද හමුදාපතිවරයා විසින් ඔහුට මෙම උසස්වීම පිරිනමා ඇති අතර දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (20) පැවැති උත්සවයේදී මහීෂ් තීක්ෂණට සැරයන් නිලය පිරිනමනු ලැබුවා.

image 236

ඔහු උපත ලැබුවේ 2000 වසරේදී වන අතර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුලින්ම බොරැල්ල සුසමයවර්ධන පාසලට ඇතුලත් වුවත් ඉන් පසුව ඔහු යොමු වුණේ සේදවත්ත සිද්ධාර්ථ විදුහලට ඇතුලත්ව තිබෙනවා.

ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ වුණේ වයස අවුරුදු 10 දී වන අතරම ඒ අසෝක ද සිල්වා ක්‍රිකට් ඇකඩමියේදී බව සඳහන්.

වයස අවුරුදු 13 න් පහල කණ්ඩායමට මුලින්ම ඇතුලත් වූ ඔහුගේ මීලග පිවිසුම වුණේ වයස අවුරුදු 15 න් පහල කණ්ඩායමයි. ඒ වන විටත් මහීෂ් යනු පාසැල් මට්ටමෙන් කැපී පෙනෙන පන්දු යවන්නෙක් . එය ඔහුට ශාන්ත බෙනඩික් විදුහලට ඇතුලත් වීමට උපකාරී වුණා.

නව පාසැල වෙනුවෙන් ඔහු වසර පහක් ක්‍රීඩා කලා. එම කාලය තුල ඔහු අභිරහස් පන්දු යවන්නෙක් ලෙස තව දුරටත් තම ක්‍රීඩාව වර්ධනය කර ගත්තා.

කනිෂ්ඨ තේරීම් කමිටු නිලධාරීන් ගේ ඇස ඔහු වෙත යොමු වුණා .ජාතික ක්‍රිකට් ඇකඩමියට සම්බන්ධ වීමටත් ඔහුට හැකි වුණා. ඔහු තම පාසැල් දිවිය නිමා කලේ වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මානයද තමා සතුකර ගනිමින්.

වයසින් අඩු වුවත් පන්දු යවන්නෙක් ලෙස ඔහුට විශාල පන්දු සංකලනයක් තිබුණා. ඒ සෑම සංකලනයක්ම මනා පාලනයකින් යුක්තව ක්‍රියාත්මක කිරීමට වගේම ඒවා තරගයක් තුල නිවැරදිම අවස්ථාවේ යොදා ගැනීමටත් ඔහු දැන සිටියා.

ශ්‍රී ලංකාව ඔහු මුලින්ම නියෝජනය කලේ එක්දින තරගයකදී. ඒ ශ්‍රී ලංකාවේ 202 වන එක්දින ක්‍රීඩකයා ලෙසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රේමදාස පිටියේදී පැවති තරගයේ ඔහුගේ දක්ෂතාවය සටහන් වුණේ ලකුණු 37 කට කඩුළු හතරක් ලෙසයි.

image 235