උණුසුම් පුවත්
Search

ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයෙන් සමුගැනීමට සැරසෙයි

134

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව, දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝ දුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුව ද දේශපාලන කටයුතු වල දිගටම නිරත වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමති ධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන පිරිස මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරනු ලබනවා.

අජන්ත කුමාර අගලකඩ




Leave a Reply

Your email address will not be published.