අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත් කර පොදුජන පෙරමුණේ සාමාජිකයකු අගමැති ලෙස පත් කිරීම සඳහා කටයුතු සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපතිවරයා එසේ උපදෙස් දී ඇත්තේ පොහොට්ටු කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.
ජනවරම ලබාගත් පොහොට්ටු පක්ෂය ඉදිරියටත් මෙරට පාලනය සිදුකල යුතු බවත්, බලාපොරොත්තු වූ පරිදි රනිල් වික්‍රමසිංහ අර්බුදයන්ට නිසි විසඳුමක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමත් යන කරුණු හේතුවෙන් රනිල් වික්‍රමසිංහ වහාම අගමැති තනතුරින් ඉවත් කරන ලෙස පොහොට්ටු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත, පොහොට්ටු පක්ෂ සාමාජිකයකු පිළිබඳ තීරණයක් ගෙන තමන්ට දන්වන ලෙස ද ජනාධිපතිවරයා අදාල කණ්ඩායමට ප්‍රකාශ කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.