ඉරාජ් වීරරත්න විසින් පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශන ඕස්ට්‍රේලියානු ජනතාව අතර පවතින සහයෝගීතාවයට සහ සාමයට බාධාවක් මෙන්ම ඕස්ටේලියාව තුල පවතින හර පද්ධතියට හානිකර බවත්, එම නිසා එම වැඩසටහන් නතර කරවීමට කටයුතු කරන මෙන් එරට ලාංකික සිවිල් සංවිධාන 04ක් විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් පවතින බව වාර්තා වනවා.
මේ අතර ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනාවක් එල්ල වී තිබෙනවා.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි.
තම දේශපාලනයට විරුද්ධ මත දරන කලාකරුවෙකුට එරෙහිව මෙලෙස කටයුතු කරන එම සංවිධාන කොටි සංවිධානය ත්‍රස්තවාදී කටයුතු වලට ඕස්ට්‍රේලියාවේ රැස්වීම පවත්වන විට ඊට විරුද්ධ නොවූ බවද කියා සිටියේය.
Gossip Lanka News