ෂෙහානි කහන්දවල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. ගොඩක් අය කියන විදියට ඇයට තියෙන්නෙ නම් අමෙරිකානු යුවතියකගේ පෙනුමක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් ටෙලිනාට්‍ය බොහොමයකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති අතර බොහොමයක් ගීත වල රූප රාමු සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
ඉතින් එය විශේෂයෙන්ම තරුණයින් අතර ඉතාමත් ජනප්‍රිය අතර රූපවාහිනී තිරය ඔස්සේ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇය නිරන්තරයෙන්ම දක්නට ලැබෙන තරුවක්. විශේෂයෙන්ම ඇය බෙදාහදා ගන්නා අපූරු ඡායාරූප නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වන අතර ටික් ටොක් තරුවක් කිව්වොත් හරි.
කොහොම නමුත් ඇය ළඟ දී තිබුණ ”ධනූට කියන්න” නම් යූටියුබ් වැඩසටහනකට එක්ව සිටි අතර එහිදී ඇය ගැන අදහස් දක්වා තිබුණා. විශේෂයෙන්ම සඳහන් කරපු කරුණක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් කතා බහට ලක් කරනවා ඒ තමයි කාලයක් ඇයගේ යැයි සැලකෙන නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ share කර තිබීම. ඉතින් ඒ ගැන නිවේදක ධනූ සහ ඇය අතර සංවාදය සිදු වූයේ මෙලෙසිනි.
කාලයක් ඔයාගේ කියලා වෙන කෙනෙක්ගෙ නිරුවත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල share වුණා නේද? ෂෙහානි ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නෙ ?
“ඒක ඇත්තටම ඇහුවම මම ටිකක් ෂොක් වුණා….. මොකද මම කවදාවත් එහෙම ෆොටෝ එකක් අරගෙන නැති නිසා. ඉතින් මට ඒ කාලයේ පොඩි පොඩි ප්‍රශ්න වගේකටත් මුහුණ දෙන්න සිදුවුණා. මට ලෝයර්ස්ලා පවා කතා කළා මේකට ඇක්ෂන් එකක් ගන්න කියලා…. ඒත් මම කිව්ව මට එහෙම ඇක්ෂන් එකක් ගන්න ඕන වෙන්නේ නැහැ, මොකද මේ ඉන්නේ මම නෙවෙයි නිසා කියලා…. බලනකොට ඒ ඉන්නේ ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයෙකුත් නෙවෙයි…. එයා ඉන්දියාවේ tamil ගෑනු ළමයෙක්.
මට කතා කරන අයට කිව්ව, ඒ ගැන වදවෙන්න එපා ඒ ඉන්නෙ මම නෙවෙයි කියලා….. ඒ මදිවට ඒ ඡායාරූප වල තියෙන මිනුම් සමානත් නැහැ. ඒක නිකම් හරියට තැලිච්ච ගස්ලබු ගෙඩියක් වගෙයි. ඒ මදිවට මුළු ඇඟම පොඩ්ඩක් කළු වෙලාත් තිබුණා.”
ඉතින් මේ විදියට තමයි ඒ සිදුවීම ගැන ඇය වගේම නිවේදකයාවත් සිනහා සිනහා සාගරයක ගිල්වමිනි ඇය පිළිතුරු ලබා දුන්නේ.
ඒ වගේම මේ සිදුවීම ගැන එය තව පවසලා තිබුණේ මේ වගේ අවස්ථාවකදී තමන්ට අපහාසයක් සිදුවෙන කොට දරාගැනීමේ ශක්තිය හොඳට තියෙන්න ඕන කියලයි. ඒක ඇත්තටම අනිත් අයට අඬලා දොඩලා කරන ප්‍රතිචාරයට වඩා ගොඩක් positive ප්‍රතිචාරයක් බවයි ඇයගේ අදහස වෙලා තිබුනේ…..
කොහොම වුණත් මේ සුන්දර තරුණිය තවම පෙම්වතියක් නොවන බවත් තනිකඩ බවත් කියා සිටියා. ඊට හේතුව මේ වගේ රටේ අර්බුදකාරී තත්වයක තවත් නිකම් බොරුවට ප්‍රශ්න දාගන්න නැතුව මානසික නිදහස ගොඩක් වටිනවා කියලයි ඇය පැවසුවේ.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)