උණුසුම් පුවත්
Search
fever

දිනකට වඩා උණ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්නැයි දැනුම්දීමක්

119

ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, ඒ අනුව දිනකට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙන්නේ 2019 වසරේදී රෝගීන් ලක්ෂයකට වඩා වාර්තා වූ බවත්, එසේම ඊට සමාන රටාවක් මෙම වසරේ ගත වූ මාස 09-10 අතර කාලය තුළදී නිරීක්ෂණය වූ බවත්ය.

ඒ අනුව ඉදිරියේදී රෝගීන්ගේ විශාල වැඩිවීමක් සිදු විය හැකි බවද ඔහු පෙන්වා දුදී සිටියි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන පරීදි ඩෙංගු රෝගයේ වැඩි ව්‍යාප්තියක් බස්නාහිර පළාත තුළින් නිරීක්ෂණය වේ.

මීට අමතරව යාපනය, ගාල්ල, රත්නපුර, මහනුවර, කෑගල්ල මෙන්ම පුත්තලම යන දිස්ත්‍රික්ක වලින්ද රෝගීන්ගේ ඉහළ අගයක් වාර්තා වන අතර, කොළඹ මහ නගර සභාව ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කොට්ඨාස 31ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.