උණුසුම් පුවත්
Search
malinga

ලසිත් මාලිංගට අලුත් තනතුරක්

185

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග නම් කර තිබෙනවා.

ලසිත් මාලිංග Major League Cricket හි මුම්බායි ඉන්දියන්ස් නිව්යොර්ක් සඳහා පන්දු යැවීමේ පුහුණුකරු සහ SA20 හි මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් පුහුණුකරු ලෙස මින් ඉහත කළ කටයුතු මේ අනුව ව්‍යාප්ත කරනු ඇත.

ලසිත් මාලිංග කියා සිටියේ, “මුම්බායි ඉන්දියන්ස් හි පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්වීම සැබවින්ම මට ගෞරවයක් වන අතර MI නිව්යෝර්ක් සහ MI කේප් ටවුන් වලින් පසුව #OneFamily හි මගේ ගමන දිගටම පවතී. මාර්ක්, පොලි, රෝහිත් සහ කණ්ඩායමේ සෙසු අය සමඟ සමීපව වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙමි, විශේෂයෙන් පසුගිය සමයේ මා ආදරය කළ පන්දු යැවීමේ අංශය සහ උද්යෝගිමත් මුම්බායි ඩන්දියන්ස් සාමාජිකයින් සමග වැඩ කිරීමට කැමැත්තෙමි.“ යන්නයි.

මාලිංග 2008 සිට මුම්බායි ඉන්දියන්ස් සමඟ වසර 13කට ආසන්න කාලයක් ගත කර ඇත.

ක්‍රීඩකයෙකු ලෙස වසර 11 ක්, පන්දු යැවීමේ උපදේශක සහ 2023 පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වසරක් (IPL 2018) කටයුතු කර ඇත.