දක්ෂ අධ්යක්ෂවරයෙක් විදිහටත් දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙන සුන්දර රංගන ශිල්පියෙක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ. ඔහු පිළිබදව කතා කරද්දී මේ දවස් වල මේනක ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීනු ටෙලි නාට්‍යයේ සමල් කියන චරිතය නිසා තමයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ.
සාමාන්‍යයෙන් සමාජයේ පෙනෙන්න තියෙන චරිත රැසක් මේ මීනු ටෙලි නාට්‍ය තුලින් නිරූණය වෙනවා. ඒ නිසා ඒ ටෙලි නාට්‍යය ගොඩක් දෙනෙක්ගේ ජීවිතත් එක්ක සම්බන්ධයි. මේනක කියන විදිහට එදා ඉඳන් අද දක්වාම මේ ටෙලි නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම කොටස් තිහක් පමණ ට්‍රෙන්ඩින් වුණා කියලත් ඔහු සඳහන් කළා. සමහර අය කිව්වා මේක ගොඩක් දුරට මේනකගේ ජීවිතය සම්බන්ධ වෙච්ච කතාවක් කියන දේ. එහෙම කියපු අයට මේනක කිව්වේ මේ විදිහෙ කතාවක්.

“ඔව් ගොඩක් අය හිතුවා මේක මගේ ජීවිත කතාව කියලා…. නමුත් ඒක සත්‍යයක් නෙවෙයි. මේකෙ සැඟවෙච්ච කතාවක් තියෙනවා… ඒත් ඒ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනි නිසා, ඒ ගැන හෙළි කරන්න බෑ…. මේ දවස්වල මේ කතාවෙ අවසානය නිසා ප්‍රේක්ෂකයන්ට වැටහෙනවා මේක මගේ කතාව නෙවෙයි කියන දේ”

මේනක කියන්නෙත් කලින් විවාහයෙන් දික්කසාද වෙච්ච කෙනෙක්… ඒ වගේම නෙහාරා කියන්නේ ඒ වගේම අත්දැකීමක් තියෙන කෙනෙක්. ඉතින් මේ දෙන්නා කලා ලෝකය එකට වැඩ කටයුතු කරද්දී පසුකාලීනව ආදරවන්තයින් බවට පත්වුණා. ඒ සම්බන්ධතාවය විවාහය දක්වා ගිහින් මේ වෙද්දීත් මේනකට සහ නෙහාරාට ආදරණීය සිඟිති දියණියක් ඉන්නවා….

මේ සුන්දර දියණියන් නමින් මේලි නිකොලා රාජපක්ෂ. ඇයට දැන් අවුරුදු දෙකක් විතර ලං වෙනවා කියලා ආරංචියි. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් දන්නවා නෙහාරා දෙවැනි වතාවටත් උතුම් මව් පදවිය ලබන්න වාසනාවන්ත වුණා කියන දේ. ඇයට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා නම් දන්නේ නැහැ. නමුත් ඒ ගැන මේනක පුවත්පතකට කිව්වේ මේ වගේ කතාවක්.

“අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න යනවා…. ඒ නොවැම්බර් මාසේදී. අපේ පුංචි දුව මේලිටත් එළඹෙන දෙසැම්බර් මාසයේ වෙද්දි අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා…. ඉතින් අපි අලුත් අලුත් සාමාජිකයා පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා…..”

අනිත් සාමාජිකයා පවුලට එකතු වෙනකන් තමයි මේ හැමෝම බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ.
ඉතින් ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙලා නිරෝගිමත් දරු උපතක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
