උණුසුම් පුවත්
Search
petrol

දෙසැම්බර් සිට ඉන්ධන මිල ගැන අලුත් තීරණයක්

166

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ වන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (19) අනාවරණ කළේය.

ඒ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කිය සිටියේ මෙවැන්නකි,

“මිල සූත්‍රය අපි කිව්වා 15 වැනිදා. එහෙම වුණාම සමහර විට ඔබතුමන්ලාට ආර්ථික අවාසියක් සිදුවන නිසා සමහරවිට 14 වැනිදා වනවිට 13 වැනිදා වන විට ඇනවුම් නොකර සිටියා. ඒ නිසා අපි දැන් තීන්දුවක් ගත්තා මාසිකව තමයි එක සිදුකරන්නේ. ඒ පිළිබඳ යෝජනාව සඳුදා කැබිනට්ටුවට එනවා. අපි අනිවාර්යයෙන්ම මධ්‍යම රාත්‍රි 12 පස්සේ, එක පැය කිහිපයකට පෙර වැඩි වුණත් අඩු වුණත් ඔබට ඒක දැනුම්දෙනවා. එම නව ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න තමයි අපි එළඹෙන මාසේ ඉදලා බලාපොරොත්තු වන්නේ.”