උණුසුම් පුවත්
Search

ඊයේ තරඟය නරඹන්න හැරී පෝටර් පවුලේ සාමජිකයෙකුත් ඇවිත් ?

125

ලෝකයම ආදරය කරන Harry Potter කතා මාලාවේ හැරී පෝටර්ගේ නැන්දා එහෙමත් නැත්නම් Petunia Dursley එයාගේ ඇත්ත නමින් කිව්වොත් Fiona Shaw (ෆියෝනා ෂෝ) ඊයේ (21) දින ලංකාව සහා ඔස්ට්‍රේලියාව අතර පැවති ක්‍රිකට් තරඟාවලිය අතරතුර දී දැක ගැනීමට ලැබෙනවා.

ඒ ආර්. ප්‍රේමදාස පිටියේදී යි.

මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් රැසක් මුහුනුපොත තුළ සටහන් තබා ඇති අයුරු ද දැකගැනීමට ලැබෙනවා.

මෙම කතානායිකාවගේ සහකාරිය ශ්‍රී ලාංකීක කාන්තාවක් වන ලේඛිකාවක් ද වන ආචර්ය සොනාලි දැරණියගලයි.

තම දෙමාපියන්ට කැප වූ ඇය සෑම විටම ඔවුන්ගේ වාර්ෂික විදේශගත වීමේදී ඔවුන්ද ඇය සමඟ යාමට වග බලා ගත්තාය.

නමුත් 2004 දෙසැම්බර් 26 දින ඇයගේ පවුලේ මේ සියලු දේ වෙනස් කරන්නට විය.

එදින සුනාමියෙන් ඇයට ඇගේ මව, ඇගේ පියා, ඇගේ සැමියා, ඇගේ කුඩා පුතුන් දෙදෙනා ද අහිමි විය.

ඇගේ වැඩිම අලෙවියක් ඇති පොත වන්නේ ‘Wave’ ග්‍රන්ථය වන අතර එහි ඇය මුහුණ දුන් මෙම ඛේදවාචකය සඳහන් කර ඇත්තේ සන්වෙදීජනකවයි.

කෙසේ නමුත් ඇය හැරී පෝටර් නිළි ෆියෝනා ෂෝ සමඟ විවාහ වීමෙන් පසු ආදරය හා සතුට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

පුවත්පත වාර්තා කළේ:

“Killing Eve නිළියක් වන Fiona Shaw, Boxing Day සුනාමියෙන් ඇගේ මුළු පවුලම විනාශ වූ විට, දැඩි හද කම්පාවට පත් වූ කාන්තා ආර්ථික විද්‍යාඥවරියක් සමඟ ආදරයක් සොයාගෙන ඇති බව MailOnline හෙළිදරව් කළ හැකිය. හැරී පොටර් තරුව මෑතකදී ඇය තම සහකරු වෛද්‍ය සොනාලි දැරණියගල සමඟ ගෘහස්ථ සතුටට ආදරය කරන ආකාරය පැවසුවාය….

60 හැවිරිදි ප්‍රශංසනීය වේදිකා නිළිය ඇගේ තෘප්තිය ගැන කතා කරමින් මෙසේ පැවසුවාය: ‘මම විවාහ වූ අතර එය ඔබව සන්සුන් කරයි. මම නිතරම වැඩ කරන නිසා මට ඇත්තටම ගෘහ ජීවිතයක් තිබුණේ නැහැ. ඒත් මට දැන් එකක් තියෙනවා, මම ආස කරන එකක්.’’

මෙම සමලිංගික විවාහය බොහෝ දෙනා අතර ජනප්‍රිය වූවකි.




Leave a Reply

Your email address will not be published.