යාපනය – කොළඹ සුඛෝපභෝගී බස් රථයක් වවුනියාවේදී පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය සිට කොළඹ බලා ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථයක් වවුනියාවේ, නොච්චිමුට්ටේ පාලමේ ගැටී පෙරළී යාම නිසා මගීන් තිදෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තුන් දෙනාගෙන් එක් අයෙකු බස් රථයේ රියදුරා වන අතර අනෙක් දෙදෙනා මගීන් වන බව සඳහන්.
මියගිය අය අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධායුර්වේද පීඨයේ ඉගෙනුම ලබන නාවලපිටියේ පදිංචි ශිෂ්‍යාවක්ද සිටින අතර මියගිය අනෙක් අය මෙතෙක් හඳුනාගෙන නොමැත.

තුවාලකරුවන් 21 දෙනාගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී වර්ෂාව පැවැති අතර බස් රථයේ රියදුරුට නින්ද යාම හෝ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් හෝ අනතුර සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
බස් රථය නොච්චිමුට්ටේ පාලමේ ගැටීම නිසා පාලමේ ඇන්ද සම්පූර්ණයෙන්ම කැඩී ගොස් පාලමට දැඩි අලාභහානි සිදුව තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.