උණුසුම් පුවත්
Search
ranil 1 7

”රනිල්ට රට හදන්න බෑ” කියා ෆේස්බුක් එකේ සටහනක් තැබූ මාතර තරුණයෙක් අත්අඩංගුවට

182

ජනතාව කුපිත වන අයුරින් පෝස්ටුවක් පළ කලැයි මාතර ප්‍රදේශයේ තරුණයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ “රනිල්ට රට හදන්න බෑ” යනුවෙන් ඉතා කෙටි පෝස්ටුවක් පළ කර තිබීම බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ පිළිබඳ එම ප්‍රදේශයේ නීතීඥ මහත්වරුන් මෙම නඩුව වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමට තීරණය කර ඇති අතර ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීන යටතේ පොලීසියට එරෙහිවත් නඩු පැවරීමට නියමිත බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පෙරේදා දිනයේ ද අවුරුදු 28ක ගාල්ල, කොටුව ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට හේතු වී ඇත්තේ ද සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද කමෙන්ටුවකි.

Source – Supiri News




Leave a Reply

Your email address will not be published.