උණුසුම් පුවත්
Search
pushpika

”දරුවෙක් ඉන්න ලස්සන අම්මා කෙනෙක්ට පිරිමියෙක් ළංවෙන්නෙ ආසාවට” – පුෂ්පිකා ද සිල්වා

1817

කාලයෙන් කාලයට ආන්දෝලනාත්මක කතා මවපු සුරූපිනියක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට කීර්තියක් ලබා ගන්නටත් ඇය සමත් වෙනවා. ඒ වගේම පසුගිය කාලයේදී නම් ඇය ගැන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කතා නිර්මාණය වෙනවා. ඒ අතර ලාස්වේගාස් වල පැවති ලෝක රූ රැජින තරගාවලියේ දී සිදු වූ යම් යම් සිද්ධීන්, දේශපාලන කාරනා වගේ හේතු මුල්කරගෙන. කොහොම වුණත් ඇය මේ වනවිට නම් ආදරණීය පුතෙකුට ආදරණීය මවක්.

03 1

ඉතින් 2015 වසරේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වෙන පුෂ්පිකා මාස දෙකකින් පසු දරුවෙකු පිළිසිඳගත් බව දැනගන්නවා. සැමියා එක්ක කතා වෙලා ප්ලෑන් එකකට තමයි මේ විදියට කරලා තිබුණේ. ඒ ගැන ඇය පසුකාලීනව සඳහන් කර සිටියා. ඒ වගේම පාසල් යන කාලේ ඉදන්ම අම්මෙක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ. විවාහයෙන් පසුව නිරූපන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නේ ඇගේ සැමියාගේ විරුද්ධත්වයත් එක්ක බවයි දැනගන්නට ලැබෙන්නේ.

image 365

ඉතින් ඒ විදියට ආදරයෙන් කල් ගෙවපු පුෂ්පිකාට පුතාව ලැබෙන්නේ සාමාන්‍ය දරු උපතකින්. ඉතින් ඇය ඇගේ දරුවා බඩට ආපු දවසේ ඉදලා ඇගේ රූපේ ගැන හිතන්නැතුව දරුවගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කළ බව තමයි කියන්නේ. ඉතින් ඇය ඇගේ ශරීරය ගැන හිතන්නැතුව තමන්ගේ දරුවට අංක එක දීලා හැම වැඩ කටයුත්තක්ම දරුවා වෙනුවෙන් කරල තියෙනවා. ඉතින් මේ වනවිට නම් දරුවා එක්ක පුෂ්පිකා තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අත්දැකීම ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.

33

”අපිට මේ ලෝකේ කවුරුත් හරියටම ගැලපෙන්නෙ නෑ. අපි ගලපගන්න ඕනි. මම නම් කියන්නේ විවාහ වුණත් රැකියාවක් කරන්න. අපිට ප්‍රශ්නයක් වුණහම ඔය කවුරුත් නෑ…. ප්‍රශ්නයක් වුණත් හස්බන්ඩ් එක්ක කතා බහ කරල කොහොම හරි ඉන්න බලන්න. මොකද හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්. අපි විවාහ වෙන්නෙ ළමයි හදලා එකට ජීවත් වෙන්න. මම නම් ඉවසුවා. ඒත් අවසානෙදි වෙන් වෙන්න වුණා….

15

මම හිතන්නෙ මගේ ගිය ආත්මෙ පවකට වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ…. අපි සිංගල් කියලා දැනගත්තම ලස්සනයි නම් ගොඩක් දෙනෙක්ගෙන් යෝජනා එනවා… දරුවෙක් එක්ක තනිවුණ ලස්සන අම්ම කෙනෙක්ට පිරිමියෙක් ළංවෙන්නෙ ආදරේට නෙමෙයි ආසාවට…. ”

02 1

ඉතින් මේ විදියට තමයි පුෂ්පිකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

කොහොම නමුත් ඇය මේ වන විට දරුවාද හදාවඩා ගනිමින් සුපිරි ජීවිතයක් ගත කරනවා.

image 367
image 366
07
11 2
05
19



Leave a Reply

Your email address will not be published.