විරෝධතාකරුවන් සිය ගණනක් ඉරාකයේ බැග්ඩෑඩ් හි අධි ආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
පූජක Muqtada al-Sadrගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධවයි මෙලෙස විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටින බව වාර්තා වන්නේ.
එමෙන්ම ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් නැවත්වීමට ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වී ඇති බව ද සඳහන්.





