උණුසුම් පුවත්
Search
pope

පාස්කු වින්දිතයන්ට පාප්තුමාගෙන් කෝටි 04ක ප්‍රදානයක්

65

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා තහවුරු කර සිටියා.

ඉකුත් පෙබරවාරි මාසයේ දී වතිකානුවේ කළ සංචාරයේ දී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති අතර ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේ ද යුරෝ ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හාර සියයක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බව ජූඩ් ක්‍රිසාන්ත පියතුමා කියා සිටියා.

එම මුදලින් කොටසක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කාණ්ඩ 03ක් ලෙස වෙන් කොට හෙට (අගෝ. 13) දිනයේ දී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීත් අනිද්දා (අගෝ. 14) දිනයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීත් අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන බව උන්වහන්සේ පැවසුවා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිවී හිමිපාණන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බව ද පියතුමා කියා සිටියා.

මේ මූල්‍යාධාර ලබා දීමේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් එම ප්‍රහාරයට ලක්ව තවම ත් වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස් වෙනුවෙන් හා එම ප්‍රහාරයෙන් තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළා.




Leave a Reply

Your email address will not be published.