උණුසුම් පුවත්
Search
namal and ranil

රනිල් දිනපු සතුටට පාන්දර 03 වෙනකන් නාමල්ගේ ගෙදර ග්‍රෑන්ඩ් පාටියක්

237

රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණු දින රාත්‍රියේ නාමල් රාජපක්ෂගේ ‌නිවසේ දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වනවා.

මේ සදහා නාමල් රාජපක්ෂ විසින් පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කොට ඇත.

ඒ අනුව ඊට මන්ත්‍රීවරු 137 ‌දෙනෙක් සහභාගී වී සිට ඇති බව දැනගන්නට තිබෙනවා.

අලුයම 03 පමණ වන තෙක් පැවැති මෙම භෝජන සංග්‍රහයට ප්‍රණීත රසමසවුලු මෙන්ම මධුවිත ද නොඅඩුව තිබී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරන බව ප්‍රසිද්ධියේම කියා සිටි ප්‍රේම්නාත් දොලවත්ත ද ඊට එක්ව සිටි බව දැනගන්නට ඇත.

Source – Mawrata




Leave a Reply

Your email address will not be published.