නීල පබලු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්ත ජනප්රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. පසුගිය දවසක යුග දිවියට පිවිසි ඇය ගැන විවාහයත් සමඟ ලක්වුණා. ඒ හේතුවත් එක්ක පසුගිය දවසක ඇය පිළිබඳව වැඩිවශයෙන් කතාබහ කරන්න පටන් ගත්තෙ දේපල ගැටළු ගැටළු ප්රශ්නයක් නිසයි.
ඇයට සිද්ධ වෙනවා අධිකරණ නියෝගයක් මත දඬුවමකට යටත් වෙන්න. මේ අධිකරණ දඬුවම ඇයට හිමි වන්නේ මිත්තණිය විසින් ඇයගේ මිණිපිරිය වන ටනාෂට මිත්තනියගේ ප්රාණ භුක්තිය තබා ඇය ජීවත් වූ නිවස ලියා දීමෙන් අනතුරුවයි. මිත්තණිය ඇය කෙරෙහි තිබුණු ආදරය සහ ඇල්ම නිසා මේ විදිහට ප්රාණභුක්තිය තියාගෙන ඇයගේ නිවස ටනාෂට පවරනවා.
හැබැයි නිවස පවරා ගැනීමෙන් පස්සේ මිණිපිරිය වන මේ නිළිය මිත්තනියට ආදරයෙන් කරුණාවෙන් සලකා නැහැ. ඒක අකාරුණික ගුණමකු ක්රියාවක් ලෙස 72 හැවිරිදි ජයන්ති පෙරේරා කියන මේ මිත්තණිය විසින් ටනාෂා හතරසිංහට එරෙහිව නඩුවක් ගොනු කරනවා. මේ නඩුව සලකා බැලීමෙන් පස්සේ කොළඹ ප්රධාන දිසා විනිසුරුවරිය හරි අපූරු තීන්දුවක් ප්රකාශයට පත් කරලා තියෙනවා.
මේ නඩුවේ පැමිණිලිකාර මිත්තනිය වැඩි බර සහිතව ඇගේ පැමිණිල්ල ඔප්පු කරලා තියෙන නිසා ටනාෂට මේ නඩුව ජයග්රහණය කරන්න වැඩි වාසියක් තිබෙන නැහැ. මිත්තණිය මේ නිවස ඇයට පවරාදෙන තෙක් ටනාෂා ගොඩක් ආදරෙන් එයා සමග කාලය ගත කර බවත් ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසු නිවස වහලයක් අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත් ඇය සඳහන් කරනවා. ඊට පස්සේ මිත්තණිය සිටියද නැද්ද කියලවත් හොයල බලන්න වත් ඇය දුරකථන ඇමතුමක් දීලා නැහැ කියලා තමයි හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය සඳහන් කරන්නේ.
තමන්ගේ ප්රාණ භුක්තිය තබා ගනිමින් දේපල ලියා දුන් වෙත් තනියට නොසලකා හැරීම නිසා ගුණමකු ක්රියාවක් විදිහට ඒ දේ තීන්දු කරමින් කොළඹ දිසා දිසාඅධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක් සහ දේපළ නීති අනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් දීමනාවක්ද මිත්තණියට ගෙවන ලෙස ටනාෂාට නියෝග කරලා තියෙනවා.
ඒ වගේම දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව ඇය සාක්ෂි ලබා දීමේදී අධිකරණයේ දී කිසිම ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බවත් විනිසුරුවරිය ඇයගේ තීන්දුව ප්රකාශ කරන අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා.
කෙසේ නමුත් මේ සිදුවීමත් එක්ක ජනප්රිය රංගන ශිල්පිනියට ටනාෂා අධිකරණයට රුචිනි ටනාෂා කියලා තමයි ඇයගේ නමත් භාවිත කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධව ඉන්නේ මේ ජනප්රිය රංගන ශිල්පිනිය කියලා මේ වෙද්දි බොහෝ දෙනෙක් දන්නවා.
Source – Mawbima