උණුසුම් පුවත්
Search
samaposha robbery

දරුවන්ට කන්න නෑ කියා සමපෝෂ සහ හාල් සොරකම් කළ තාත්තා කෙනෙකු අත්අඩංගුවට

78

සහල් කිලෝ 03ක් සහ සමපෝෂ පැකැට්ටුවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආසන්න සුපිරි වෙළඳසැලක ආරක්ෂකයන් විසින් කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි කියන්නේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින 04ක් තිස්සේ තමන්ට සහ තම දරුවන්ට හරි හමන් කෑමක් බීමක් නොමැති නිසා දරුවන් ද හාමතේ බැවින් කළ හැකි අන් කිසිවක් නැති තැන මෙම සොරකම සිදුකළ බවයි.

පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තම අත තිබූ වියදමින් එම බඩු වලට වන වටිනාකම ගෙවා දමා සැකකරු මුදා හැර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂූන් වහන්සේ නමක්ද අදාළ පියාට මුදලින් උපකාර කර ඇති බවයි වාර්තා වන්නේ.

Source – A5 News




Leave a Reply

Your email address will not be published.