උණුසුම් පුවත්
Search
chandima

”වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ” – ආචාර්ය චන්දිම ජීවන්දර

155

සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර තහවුරු කර සිටිනවා.

වේගයෙන් පැතිරෙන මෙම ප්‍රභේදය නිසා රටේ දරුණු තත්වයක් ඉදිරියේදී මතු විය හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

අද ලෝකයේ සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙය බව සඳහන් කරන ජීවන්දර මහතා මේ හේතුවෙන් මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමට ඉඩ ඇතැයි ද ප්‍රකාශ කරනු ලැබුවා.

විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලින් මෙම අනු ප්‍රභේදය සුලබව හමු වූ බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.