උණුසුම් පුවත්
Search
dulanjalee

සිවිල් ගුවන් සේවිකාවට දිවි අහිමි කළ ”අනියම් පෙම”

1249

ඊයේ (09) අධිවේගී මාර්ගයේ, කහතුඩුව පිවිසුම අසළ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පිළියන්දල, මඩපාත, ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මව සම්බන්ධ සිදුවීම අනියම් ඇසුරක් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන සිදු වූ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සිවිල් ගුවන් සේවිකාවක ලෙස සේවය කරමින් සිටි දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති 39 හැවිරිදි එක් දරු මවකි. ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව ද තොරතුරු වාර්තා වේ.

10115505

මෙම කාන්තාව මෙලෙස ඝාතනය කර තිබුණේ අනියම් පුරුෂයා බවයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ. ඔහු එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැති 47 හැවිරිදි කොළඹ, බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වීසා උපදේශන සේවාවක් ලබා දෙමින් සිටි අයෙකි. ඔහුගේ වැඩිමල් සොයුරා විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ”ඇල්ටෝ ධර්මේ” යන අයයි.

NW06 5

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලා යෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මේ වන විට සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටිමින් පොලිසියට සිද්ධිය විස්තර කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

10115506