උණුසුම් පුවත්
Search
monkeypox 1 2

චීනයෙන් වදුරු උණ රෝගියෙක් හමුවෙයි

49

චීනයෙන් ද ”වදුරු උණ” හෙවත් මංකිපොක්ස් ආසාදිතයකු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ආසාදිතයා චීනයේ වාර්තා වන්නේ චොංග්කිංග් නගරයෙනි.

චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරට මෙම තැනැත්තා විදේශගතව සිට චීනයට පැමිණි අයකු බව සඳහන් වේ.

මොහු ”කොවිඩ් 19″ වෙනුවෙන් නිරෝධානයේ පසුවෙද්දී, මංකිපොක්ස් වයිරසයේ රෝග ලක්ෂණ මතු වී ඇති බව හඳුනාගෙන ඇතැයි ද සඳහන්.

කෙසේ නමුත් ලොව පුරා රටවල් රැසක් වසා දැමීමට හේතු වූ කොවිඩ් වෛරසයේ ආරම්භය ද සිදු වුයේ චීනයේ වුහන් පළාතෙනි.

(රොයිටර්)