උණුසුම් පුවත්
Search
coke

පිළිකාකාරක පැණි රසකාරකයක් වෙළදපොලට – අඳුනගන්න හැටි මෙන්න

271

ශ්‍රි ලංකාවේ ද භාවිත කරන පැණි රසකාරකයක් වන ඊ – 951 දරන ඇස්පාටේම් පිළිකාකාරකයක් බවට ලෝක සෞඛය සංවිධානය මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විධායක සභික රෝෂන් කුමාර පවසයි.

එම පැණි රසකාරකය අඩංගු ආහාර මේ වන විට මෙරට වෙළදපොළේ බහුලව තිබෙන බව ඔහු කියා සිටී.

කොළ පැහැති වර්ණයෙන් යුත් පැණි බිම වර්ග බොහෝමයක අඩු සිනී සහිත පැණි රස නිෂ්පාදන වල මෙම රසකාරකය අඩංගු බව ද ඔහු කියා සිටී.

විදේශ රට වලින් ආනයනය කරන චොක්ලට් වර්ග,ලොලිපොප් හා වෙනත් රස ආහාර වල ද මෙම රසකාරකය අඩංගු බව ඔහු කියා සිටී.

මෙම රසකාරකය භාවිතය තහනම් කිරිමට සෞඛ්‍ය බළධාරීන් වගබලාගත යුතු බව ද හෙතෙම සදහන් කරයි.