උණුසුම් පුවත්
Search
yupun

වාර්තා අලුත් කරමින් යළිත් ඉතිහාසගත වූ යුපුන් අබේකෝන්ගෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්

38

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම ලංකාවට හිමිකර දීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

යුපුන්ට එම තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාසගත වෙයි.

මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් හිමිකරගනු ලැබුවා.

මේ අතර කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත්විය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මිංහැම් නුවර දී පවත්වනු ලබනවා.

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව තරගයට ඉදිරිපත් වීමෙන් එම තරගය තත්පර 10.20කින් නිම කළ අතර යුපුන් එහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ඒ අනුව ඔහුගේ කාලය අනුව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔහු සමත්වුණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.00ට පැවැත්විණි.

මීට පෙර ඉතාලියේ පැවති Castiglione International Meeting 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 200 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා බිඳ හෙළීමට සමත් වූ අතර තරගාවලියේ පිරිමි මීටර් 200 තරගය සඳහා සහභාගී වූ යුපුන්, තත්පර 20.37ක කාලයකින් තරඟය අවසන් කිරීමට සමත් වුණා.

එම කාලය සමඟ ඔහුට 2018 වසරේ දී මීටර් 200 ඉසව්ව තත්පර 20.68ක කාලයකින් අවසන් කරමින් විනෝජ් සුරංජය පිහිටුවා තිබූ ජාතික වාර්තාව සහ තත්පර 20.52ක කාලයකින් අවසන් කරමින් ඉන්දීය ජාතික Amlan Boragohain පිහිටුවා තිබූ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට යුපුන්ට හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු ”දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා” ලෙස ද නමක් දිනුවා.

ඊයේ පැවති තරඟාවලියේ ප්‍රතිඵල සටහන පහතින්.

image 117



Leave a Reply

Your email address will not be published.