පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සමරිසි විවාහයත් සමඟ බොහෝ දෙනාගේ අවදානය දිනාගත් අරිත වික්‍රමසිංහ වෘත්තියෙන් නීතීඥවරයෙක්.
ඔහු නියෝජනය කරන LGBT ප්‍රජාව වෙනුවෙන් කැපවෙන, ඔවුන් වෙනුවෙන් සමාජයේ කතිකාවතක් ඇති කරන්න වෙහෙසෙන කෙනෙක්.
අරිතට ලංකාව වගේ සාම්ප්‍රදායික රටක ඉපදිලා සම්ප්‍රදායෙන් පිටට ගිහින් මේ වගේ ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්න පුළුවන් වුණේ ඔහුගේ මවගේ සහ පවුලේ අය ඔහුට ලබාදුන් සහයෝගය නිසා.
ඔහු තමන්ගේ මවට ඒ සඳහා ස්තූති කරන්න ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් පළ කරලා තිබුණා…..
“මාගේ මවට උපහාරයක්.
මගේ මව, ඇය මා හට දිව්‍ය ලෝකයෙන් එවන ලද දේවදූතියකි.
ඇය මා හට ප්‍රතමයෙන් ප්‍රේම කළ
තැනත්තියයි.
මා ඇගේ කුස තුළට ආ දින සිට මා හට ප්‍රේම කළ මාගේ පෙම්වතියයි.
කුස තුළ සිටම ඇය මා හට කරුණාව, දයාව, නිවැරැද්ද පුහුණු කළ තැනැත්තියයි.
මනුෂ්‍යයින්ට මෙන්ම, හුස්ම ගන්නා සියල්ලම දෙස සානුකම්පාවෙන් කටයුතු කිරීමට ඇය මා හට කියාදුනි.
මා බියට පත්වූ, තැති ගැන්වුණු හැම විටම ඇය මා සැනසීය.
මා තනිවු හැම මොහොතකම ඇය මාගේ සහකාරිය විය.
පිටස්තර ලෝකයේ මතිමතාන්තර හමුවේ ඇය ඒ සියල්ල පසෙකලා තම නිමවුම වූ මා තෝරාගත්තාය.
ඇගේ දරුවා… මා….
මාගේ අනික් සහෝදරයන් හට ආදරය කළ තරමටම ඈ මා හට ආදරය කළාය.. ඇය මා හට අඩුවෙන්වත්, වැඩියෙන්වත්, වෙන් වෙන් වශයෙන්වත් ආදරය කළේ නැත.
සමානාත්මතාවයේ මුල් ගුරුවරිය නම් ඇයයි. ඇගේ ආදරයයි.
දෙවියන් ගැන මා හට මුලින්ම කියාදුන්නේ ඇයයි. එනම් දෙවියන් යනු සැබෑ ප්‍රේමයයි. දෙවියන් සෑම දරුවෙකුටම කොන්දේසි විරහිතව ප්‍රේම කළ බව ඇය මාහට කියාදුන්නා.
ඇගේ ආදරයද එබඳුම විය.
මාගේ මව මාගේ ජීවිතේ වීරවරියයි.
ඇය මාගේ කුලුඳුල් ආදරයයි.
ඇය නිසා, ආදරය ජයගනී.
A tribute to my mother.
My mother. She’s an angel sent from God.
She was the first to love me.
She loved me from the moment she began to carry me in her womb.
She taught me right from wrong. She taught me to be kind.
She taught me to be compassionate, not just to other people but to all living beings.
When I was afraid, she would comfort me.
When I felt lonely, she would be my companion.
For my mother, I came first. Not society. Not other people’s opinions. Not anyone’s criticisms. But me. Her son.
She loved me as much as she loved my brothers. She didn’t love me less. She didn’t love me more. Her love was equally generous.
She was the first to teach me Equality through how she loved.
She was the first to teach me about God. To tell me that God is love. She told me that God loved all his children and his love was unconditional. Like her love.
My mother is my hero. She is my love too.
Because of her, love wins.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)