උණුසුම් පුවත්
Search
meta

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් වලට රුසියාවේ තහනමක්

53

රුසියාවේ මූල්‍ය අධීක්ෂණ ඒජන්සිය වන Rosfinmonitoring, ඔක්තෝබර් 11 වන අඟහරුවාදා, එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයෙකු වන Meta Platforms Inc. ඔවුනගේ ‘ත්‍ර ස්ත වා දීන් සහ අන්ත වා දීන්’ ලැයිස්තුවට එක් කර තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මාර්තු මාසයේදී රුසියානු අධිකරණයක් විසින් මෙටා “අන්ත වාදී” ලෙස ලේබල් කර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් රට තුළ තහනම් කර තිබුණි.

රුසියානුවන් අතර බහුලව භාවිත වන ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන දෙකම “අන්ත වාදී ක්‍රියාකාරකම් සිදු කරන” බව මොස්කව් අධිකරණය ප්‍රකාශ කළේය.

නමුත් ඔවුන් පැවසුවේ META හි WhatsApp messenger සේවාව තහනම් නොකරන බවයි.

මන්ද එය “සන්නිවේදන මාධ්‍යයක් මිස තොරතුරු මූලාශ්‍රයක් නොවේ” යන්න අධිකරණ වාර්තාවේ දැක්වේ.

මීට පිළිතුරු සපයමින් මෙටා එම චෝදනා ප්‍රතික්ෂේප කර අධිකරණයට පවසා ඇත්තේ සමාගම කිසි විටෙක අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත නොවූ බවත් ‘රුසෝෆෝබියාවට’ විරුද්ධ බවත්ය.

ජුනි මාසයේදී, මෙටා මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නමුත් එය ප්‍රතික්ෂේප විය.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මෙලෙස ලේබල් කිරීමේ පියවර ගෙන ඇත්තේ රුසියාව විරෝධතාකරුවන්, ස්වාධීන ප්‍රවෘත්ති ආයතන සහ විදේශීය සමාජ මාධ්‍ය ජාල වලට එරෙහිව පෙර නොවූ විරූ මර්දනය දිගටම කරගෙන යාමත් සමඟ ය.

මොස්කව් මගින් කියෙව්හි විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ දා සිට, බලධාරීන් රට තුළ තොරතුරු ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට උත්සාහ කර ඇත.