මිහිතලයේ වැදගත්ම උරුමකරුවන්ගේ ඛේදවාචකය
සර්පයන් යනු මේ මිහිතලයේ අප හා සම තත්ත්වයේ උරුමකරුවන් පිරිසකි. එහෙත් අවාසනාවකට මෙන් මෙම බඩගා යන සතුන්ගේ කතාව වර්තමාන සමාජය තුළ ඛේදවාචකයක් වී තිබේ. අපේ සමාජයේ බොහෝ දෙනා තුළ සර්පයන් පිළිබඳ දැඩි බියක් හා අවිශ්වාසයක් පවතින නමුත් සර්පයෝ සත්ත්ව රාජ්‍යයේ ඉතාමත් වැදගත් භූමිකාවක් නිරූපණය කරති.
මෙකී සර්පයන්ගේ සංරක්ෂණය වෙනුවෙන් දැඩි සමාජ මෙහෙවරක යෙදෙන රජයේ ලියාපදිංචි ජීවිත ආරක්ෂකයකු වන තරුණ පරිසරවේදී ධනුෂ් අචලංක සමග අප කළ සාකච්ඡාව මෙසේය.
- සර්පයන් පිළිබඳ සමාජ බිය සහ මිථ්‍යා මත: ‘ඔෆිඩියෝෆෝබියා‘
සර්පයන් ගැන කතා කරද්දී, අපි මුලින්ම කතා කරමු ලංකාව වගේ රටක ජනතාව තුළ සර්පයන් ගැන තියෙන අදහස ගැන?
ආසියානු රටවල බොහෝ විට සර්පයන් නැතහොත් මේ උරගයන් ගැන කතා කරද්දී, සමාජය තුළ තියෙන්නේ අමුතු බියකි. එම බිය හඳුන්වන්නේ ඔෆිඩියෝෆෝබියා (Ophidophobia) යන නමින්. මෙය රෝගී තත්ත්වයකි. පුංචි කාලයේ සිටම දරුවකුට මේ සර්පයන් හෝ හැඩහුරුකම් ඇති සතුන් දැක්කම ඇති කරවන බිය තුළින් තමයි මේ
රෝගී තත්ත්වය මිනිසාට ඇති වන්නේ.
උදාහරණයක් ලෙස, පුංචි දරුවකු බය කරන්න මවක් යොදා ගන්න දේවල්, එනම් “හප්ප එයි“, “සර්පයෝ එයි” වැනි ප්‍රකාශයන් මගින් මේ බිය මිනිසාගේ සිත තුළ රෝපණය වීම ආරම්භ වේ. මෙම තත්ත්වය ඇතිවීමෙන් පසු සර්පයෙක් දුටු ගමන් අමුතු චකිතයක් ඇති වේ. දුවන්න බලනවා, කෑගහන්න බලනවා වැනි තත්ත්වයන් ඇතිවන අතර මිනිසුන් එවිට කම්පනයට පත්වේ. මෙය ආසියානු රටවල සියයට අසූවකට වඩා වැඩි පිරිසකට පවතින අසනීප තත්ත්වයකි. මේ තත්ත්වය ඇතිවෙන ප්‍රධානතම හේතුව තමයි පොඩි කාලේ ඉඳන්ම සමාජයෙන් දීලා තියෙන පුරුද්ද. මේ තත්ත්වය නැති කරන්න අවශ්‍ය නිසාම තමයි අපි සර්පයන් ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් කරමින් ජනතාව දැනුවත් කරන්න පෙළඹුණේ. ඒ වගේම සර්පයන් ගැන මිථ්‍යා මත ගොඩක් මේ ආසියානු කලාපයේ රටවල්වල මිනිස්සුන්ට තිබෙනවා. උදාහරණයක් ගත්තොත්, ගොඩක් ගම්වල මිනිස්සු කියනවා නයි මැරුවොත් එයාලා වෛර බඳිනවා කියලා. ඇත්තටම මම හරි කැමතියි නයි විතරක් නෙවෙයි අනෙක් සර්පයෝත් වෛර බඳිනවා කියලා මිනිස්සු හිතනවා නම්. මොකද එතකොට මිනිස්සු මේ සර්පයෝ මරන්න පෙළඹෙන එක අඩු වෙනවා. ඇත්තටම සමාජයේ සර්පයන් ගැන තියෙන බිය සහ මිථ්‍යා මත නිසා ගොඩක් මේ අහිංසක සත්තුන්ට ජීවිතය අහිමි වෙනවා. මේක පරිසරයට කරන විශාල හානියක්.

- පරිසරයේ ආහාර දාමයේ සර්පයාගේ භූමිකාව
ඒ එක්කම අපි කතා කරමු සර්පයන් පරිසරයට වැදගත් වන ආකාරය ගැන. පරිසරය තුළ සර්පයාගේ භූමිකාව මොන වගේද?
සර්පයන් පරිසරයට වැදගත් වන ආකාරය ගැන කතා කරද්දී, අපි හැමෝම දන්නා පරිදි ආහාර දාමයේ ඉහළින්ම සිටින සත්ව කොට්ඨාසයක් තමා සර්පයන් කියලා කියන්නේ.
මෙයට ප්‍රධාන හේතුව තමයි පරිසරයේ තියෙන පිරිසිදු කිරීමේ පද්ධතිය ඔවුන් වීම. සොබාදහම විසින් නිර්මාණය කරන ලද මේ පිරිසිදු කිරීමේ පද්ධතියේ ප්‍රධානම අංගයක් තමයි උරගයෝ (කබරයෝ, තලගොයි, හූනෝ, සර්පයෝ). ඔවුන් කුණුවුණු කෑම, මැරුණ සතුන්ගේ මළකුණු වගේ දේවල් ආහාරයට ගන්නවා. මෙලෙස පරිසරයෙන් ඒ කුණු ඉවත් කරන්නේ තලගොයි, කබරයෝ වැනි සත්තු. එතැනින් එහාට සර්පයන් ගැන සඳහන් කළොත්, ඔවුන් මීයෝ, කැරපොත්තෝ, හූනෝ වගේ කොළරාව, පාචනය, මී උණ වැනි බෝවන රෝග ව්‍යාප්ත කරන සතුන් ආහාරයට ගන්නවා. පරිසරය තුළ සර්පයන්ගේ භූමිකාව තමයි ඒක.
අපි මෙහෙම හිතමු. එක දවසක් තුළ පරිසරයේ ජීවත් වන සියලුම සර්පයන් සහ උරගයන් මේ පෘථිවියෙන් ඉවත් වුණා කියලා. ඒ දවසේ ඉඳන් මාස තුනක් යද්දී, මිනිසා කියන සත්වයාගේ ආයුෂ අවුරුදු තිහකින් අඩු වෙනවා. ඒ දේ වෙන්නේ බෝවන රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩිවීම මතයි. මිනිස්සු මැරෙන්න ගන්නවා අසීමාන්තික විදිහට. මේ අනුව ඔබට වැටහෙන්න ඇති පරිසරය තුළ සර්පයන් කොයිතරම් වැදගත් සත්ව කොට්ඨාසයක්ද කියලා.
- ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ සහ විෂ සහිත සර්පයන්
ඔව්. ඇත්තෙන්ම පරිසරය තුළ සර්පයා කියන්නේ අතිශයින් වැදගත් භූමිකාවක්. ලංකාව තුළ හඳුනාගන්න පුළුවන් සර්ප විශේෂ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද?
ලංකාව තුළ දැනට දෙහිවල සත්ව උද්‍යානය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් වර්ගීකරණය කර ඇති ආකාරයට, සර්පයන් 111ක් ජීවත් වෙනවා.
මේ අයගෙන් 22ක් උග්‍ර විෂ කාණ්ඩයට අයත් වෙනවා.
- ඒ අයගෙනුත් 15ක් ජීවත් වෙන්නේ මුහුදේ. ගොඩබිම ජීවත් වෙන්නේ විශේෂ 7ක් පමණයි.
- මුහුදේ ඉන්න අයගෙන් දෂ්ටන වාර්තා නොවෙන නිසා එයාලා විද්‍යාත්මකව වැදගත් කියලා හඳුන්වන්නේ නැහැ. ගොඩබිම ඉන්න අය තමයි විද්‍යාත්මකව වැදගත් කියලා හඳුනාගෙන දැනුවත් කිරීම්වලට යොදා ගන්නේ සහ සර්ප වර්ගීකරණයට යොදා ගන්නේ.
ලංකාවේ උග්‍ර විෂ සර්පයෝ
3 කරවල් විශේෂ 02ක්: තෙල් කරවලා සහ මුදු කරවලා.
4 නයා
5 පොළොං විශේෂ
6 කුණකටුවා
විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, කුණකටුවා 2024 වර්ෂයේදී තමයි උග්‍ර විෂ කාණ්ඩයට ඇතුළත් කළේ. ඒකට හේතුව තමයි ලංකාවේ වැඩිපුරම දෂ්ටන වාර්තා වුණ සර්පයා වීම. එමෙන්ම පොළඟා තමයි වැඩිම දෂ්ටන තුළින් වැඩිම මරණ වාර්තා වුණු සර්පයා. ඒ වගේම ලංකාවට ආවේණික සර්ප විශේෂ පනස් අටකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.
- සර්පයෙකු දුටු විට ක්‍රියා කළ යුතු නිවැරදි පිළිවෙත
සර්පයෙකු දුටු විට මිනිසකු ක්‍රියා කළ යුතු නිවැරදි ක්‍රියා පිළිවෙත පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?
ඒ ගැන කතා කරද්දී, ඇත්තටම සර්පයන්ට අපිට වගේ පාට පේන්නෙ නැහැ. එයාලට තියෙන්නේ තාප සංවේදක ඇස් :්‍යැ්එ ීැබිදරි* ඒ කියන්නේ, එයාලට පේන්නේ අපේ ශරීරයේ තියෙන තාපයයි. එයාලට අපිව පේන්නේ කහ පාට, රතු පාට රැස් වළලු විදිහට.
සර්පයෝ ගොඩක් වෙලාවට දවල් කාලයේ නැතුව රාත්‍රී කාලයේ සක්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව තමා, ඉර එළියට පරිසරයේ හැමදේම රත් වන නිසා. එවිට සර්පයන්ට හැමදේම පේන්නේ රතු පාට කහ පාට රැස් වළලු විදිහට. එවිට එයාලට ගොදුරක් අඳුනගන්න අපහසුයි. ඒ හේතුව නිසාමයි එයාලා රාත්‍රී කාලයේ සක්‍රිය සත්ව කොට්ඨාසයක් වෙන්නේ.
සර්පයෙක් දුටු විට කළ යුතු දේ
- කකුල් දෙක නොසෙල්වා ඉන්න. මෙය පළවෙනිම දේ. කකුල්වල ශරීර උෂ්ණත්වය නිසා එයාලා දකිනවා මෙතන රතු පාට කණු දෙකක් තියෙනවා කියලා. කකුල් සෙළවෙද්දී එයාලා අඳුන ගන්නවා මේ ගොදුරක් නැත්නම් අනතුරක් කියලා. මේ දෙකෙන් කුමක් වුවත් එයාලා දෂ්ට කිරීමකට පෙළඹෙනවා.
8.ආරක්ෂිතව ඉවත් වීම. සර්පයකු දුටු විගස නොසෙල්වී සිටීම සහ සර්පයාගෙන් අඩි දෙක තුනක් ඈතට ගොස් සර්පයාගේ ඡායාරූපයක් ලබාගෙන හෝ සර්පයාව හඳුනා ගැනීම අපි කළ යුතුයි.
- ඉවත් කිරීම – සර්පයා ගෙදරක වගේ නම් හමුවුණේ. අපිට පුළුවන් එයාව දිගු කෝටුවකින් හෝ සර්පයන් ඉවත් කරන්න භාවිතා කරන උපකරණයකින් ඉවත් කරන්න. නැත්නම් අපි වගේ සර්ප සංරක්ෂණයට යොමුවෙලා ඉන්න කෙනෙක්ට කතා කරලා සර්පයාව ඉවත් කරගන්න පුළුවන්. හඳුනා ගැනීමකින් තොරව උග්‍ර විෂ වේවා, මඳ විෂ වේවා, සුළු විෂ වේවා! සර්පයන් දුටු සැණින් මරා දැමීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
5. සර්ප දෂ්ටනයකදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රියාමාර්ග
සර්ප දෂ්ඨනයක් වුණොත්, විශේෂයෙන්ම සර්පයා හඳුනා ගැනීමටත් නොහැකි අවස්ථාවක, අපි ක්‍රියා කළ යුතු නිවැරැදි ක්‍රියා පටිපාටිය පැහැදිලි කරන්න.
පළමුවෙන්ම වියළි දෂ්ටනයක් (Dry Bite) ගැන දැනගත යුතුයි. ඩෙනිමක් වගේ ඇඳුමක් ඇඳ සිටියදී ඒ හරහා දෂ්ටනය සිදුවුණා නම්, එය වියළි දෂ්ටනයක් ලෙස හඳුන්වනු ලබනවා. එවිට ඩෙනිම හරහා විෂ ශරීරය ඇතුළට යන ප්‍රමාණය අඩුයි. එතකොට වෙන්න තියෙන ජීවිත හානිය ගොඩක් අවමයි.
දෂ්ටනය කෙළින්ම ශරීරයට සිදුවුවහොත්, අපේ ශරීරයට විෂ යන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. එවිට කළ යුතුම දේ තමයි:
10 දෂ්ටනයට ලක් වූ ස්ථානය නොසෙල්වා සිටීම. මෙය අත්‍යවශ්‍යමයි. හෙල්ලීමක් සිදුවුවහොත්, මාංශ පේශි, ලේ නහර, සෛල සහ ඇටකටු වෙත රුධිරය ගමන් කිරීම වැඩි වෙනවා. ඒ තුළින් වෙන්නේ විෂ හදවතට ගමන් කිරීම වේගවත් වීමයි.
11 ලේ ගමනාගමනය මන්දගාමී කිරීම. සාමාන්‍යයෙන් සර්ප දෂ්ටනයකදී මනුෂ්‍යයෙක් මිය යෑමට ප්‍රධාන හේතුව තමයි සර්ප විෂ (ප්‍රෝටීනයක්) ලේ හරහා හදවතට ගමන් කිරීම. එවිට හදවත නවතිනවා. මෙය නැවැත්විය හැකි එකම ක්‍රමය දෂ්ටනයක් වුණාට පස්සේ නොසෙල්වා සිටීම පමණයි.
12 සේදීම – දෂ්ටනය සිදුවූ ස්ථානය සබන් යොදා සේදීමක් සිදුකිරීමත් අත්‍යවශ්‍යයෙන්ම වැදගත්.
13 බිය වීමෙන් වළකින්න. දෂ්ටනය නිසාවෙන් බය වෙන්න හොඳ නැහැ. සර්ප දෂ්ටනයකදී අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ උග්‍ර විෂ, මද විෂ, සුළු විෂ ඕනෑම සර්ප දෂ්ටනයකදී ජීවිත අවදානමක් තිබේ නම්, පැය 3 සිට පැය (24 – 48) කාලය තුළ ලේ ගමනාගමනය මන්දගාමී කරන අන්දමත් සමඟ ජීවිතය රැකගන්න පුළුවන් අවස්ථා තියෙනවා කිසිදු ප්‍රතිවිෂයක් (Anti-venom) නොගෙනම.
14 සර්ප දෂ්ටනයක් වෙලා පැය තුනක් ඇතුළත කොහොම නමුත් රෝහලකට යෑමට හැකියාවක් රටේ ඕනෑම තැනක පවතිනවා. තවද, ලංකාවේ ඕනෑම රජයේ රෝහලක අවශ්‍ය ප්‍රතිවිෂ (Anti-venom) පවතිනවා. එය නිසාවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සුව වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ සියලුම රෝහල්වල පවතිනවා.
- සර්පයන් සංරක්ෂණය : අහිංසක සතුන් රැකගැනීමේ අවශ්‍යතාව
ඔබේ මතයට හා අත්දැකීම්වලට අනුව ඔබට ජනතාවට පැවසීමට ඇති දේ ගැන සඳහන් කළොත් සර්පයන් රැකීමේ අවශ්‍යතාව පිළිබඳව.
ඇත්තෙන්ම, මම මේ සර්පයන් සංරක්ෂණයට යොමු වෙන්න හේතුව වුණේ මට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ආසාවක් තමයි ජීවිත බේරගන්න එක. බුදු දහමට අනුව ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් නේ. ඒ ජීවිත ගොඩක් ලෙඩ වෙලා, අනතුරුවලින් නැති වෙනවා දකිද්දී, මට හැකි උපරිමයෙන් ඒ ජීවිත බේරගන්න අවශ්‍යතාව ඇතිවුණා. මට වෛද්‍යවරයෙක් වෙන්න බැරිවුණ නිසාම මම රජය ලියාපදිංචි ජීවිත ආරක්ෂකයෙක් බවට පත්වුණා. ඒ සමගම තමයි මම මේ සර්පයන් පිළිබඳ අධ්‍යයනයට යොමු වුණේ.
මගේ ගෙදර වුණු එක්තරා සිදුවීමක් එක්ක තමා මම මේ සර්පයන් ගැන උනන්දු වුණේ. මගේ අම්මා දවසක ගෙදරට ආ සර්පයෙකු මැරුවා. මම ඒ සර්පයා රැගෙන ගිහින් පාරේ තබාගෙන යන එන මිනිසුන්ගෙන් ඒ සතා කවුද කියලා ඇහුවාම, ඒ අය එක නමක් කීවා. ආයෙමත් දවසක ඒ සර්පයාම රැගෙන ගිහින් මං ඒ අයගෙන්ම ඇහුවම එයාලා වෙනත් නමක් කීවා. ඒ සිදුවීමෙන් මම තේරුම් ගත්තා ඇත්තටම මිනිස්සු මේ සර්පයෝ ගැන හරියට කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒත් එක්කම මම ගොඩක් මේ සර්පයෝ ගැන හොයන්න, අධ්‍යයනය කරන්න යොමු වුණා.
ඇත්තටම අනෙක් සත්තු එක්ක සංසන්දනය කරද්දී, මේ සර්පයන්ට අත් දෙකක්, කකුල් දෙකක් නැහැ. මෙයාලට හරියට ඉන්න තැනක්වත් නැහැ. එයාලා එයාලගේ ජීවිත කාලයෙන් දවසකට පැය දෙකක් විතර තමයි එළිමහනට එන්නේ. ගොදුරක් අරන් ආයෙත් හැංගෙනවා. සර්පයකු ගන්න ගොදුරක් දිරවන්න දවස් හතරක් විතර යනවා. ඒ ගොදුරෙ ශක්තියෙනුත් එයාලා සතියක් දෙකක් හැංගිලා ඉන්නවා. අනෙක් සතුන්ට වඩා එයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය හරිම වෙනස්. අනෙක් සතුන් ආහාර ගන්නවා වගේ ආහාර එයාලට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ වගේම මෙයාලගේ ලේ ගමනාගමනය හරිම අඩුයි. ස්නායු පද්ධතිය ගොඩක් දුර්වලයි. ඒ හේතුව නිසාම තමයි සර්පයෙකුගේ කඳ බෙල්ලෙන් වෙන් වුණාම ඇඟ සහ හිස කොටස වෙන වෙනම දඟලන්නේ. ඇඟ දන්නේ නෑ හිස කොටස මිය ගිහින් කියලා. ඒ ස්නායු දුර්වල නිසා. ඒ වගේම එයාලගේ ලේ පවා හරිම අඩුයි.
ඉතිං මං හිතන සහ දකින දේ තමයි මේ සත්තු අනෙක් සතුන්ට සාපේක්ෂව හරිම අහිංසක සත්ව පිරිසක්. මම දැනට නාගයන් පමණක් 1,800 ගණනක් අල්ලලා තියෙනවා. ඒ අතරින් එක සතෙක්වත් මාව පස්සෙන් පන්නගෙන ඇවිත් නැහැ. මිනිස්සු කියනවා වගේ එයාලා එහෙම පන්නගෙන ඇවිත් පහර දෙන සත්තු නෙවෙයි. කැලේදිත් ඒ වගේම එයාලට ගොඩක් තර්ජන තියෙනවා. කබරයන්, උකුස්සෝ, කුරුළුගොයා වැනි සත්තු ඔවුන්ව ගොදුරු කරගන්න සූදානමින් ඉන්නවා. එයාලා එයාලගේ ජීවිත කාලයෙන් සියයට අසූවකටත් වඩා හැංගිලා තමයි ජීවත් වෙන්නේ. එයාලට විෂ ලැබිලා තියෙන්නෙම ගොදුරක් අඩපණ කරගැනීම සඳහා. ඒත් එක්කම තේරෙනවා එයාල කොයිතරම් අහිංසක සත්ව කොටසක්ද කියලා. ඒ වගේම කිසිම දෙයක් තේරෙන්නේ නැති මෝඩ සත්ව විශේෂයක් තමා සර්පයෝ කියන්නේ. එයිනුත් මේ සත්තු කරන්නේ අපෙන් බේරිලා දුවන එක. මේ සත්තු රැකගැනීම තුළින් අපේ ජීවිතවලට දීර්ඝ කාලීනව ගොඩක් වාසි තියෙනවා. ලංකාවට ආවේණික සර්පයන්ගෙනුත් කිහිපයක් දැන් රතු දත්ත පොතට එකතු වෙලා. මල්සර සහ පලා පොළඟා ඊට උදාහරණ. ඉතින් මේ ලස්සන සත්තු අපෙන් පස්සේ පරම්පරාවක් දැකිය යුතු නැද්ද? ඡායාරූපයකින්, වීඩියෝ දර්ශනයකින් ඇරෙන්න අනාගතයේදී මේ සත්තු දකින්න බැරි වෙන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි, සර්පයන්ගෙන් ආරක්ෂා වීමට නම් ගෙදර හා වටපිටාව පිරිසිදුව තබාගැනීම වැදගත්. කුණු රොඩු, ලී කොටන්, ගල් ගොඩැලි ආදිය ශුද්ධ පවිත්‍ර කිරීම තුළින් සර්පයන් ගෙවතුවල රැඳීම සීමා වෙනවා. ඒ වගේ දේවල් තුළින් ඔවුන් අප වටපිටාවෙන් ඈත් කරගන්න පුළුවන්.
සමාජය තුළ දැනුවත් භාවය ඇති කිරීම තුළින් සර්ප සංරක්ෂණය අපිට කළ හැකිය. ඒ සඳහා මම වගේම තව සංරක්ෂක පිරිසක් රට පුරාම අපි නිර්මාණය කරලා තියෙනවා. ‘සර්ප මිතුරෝ‘ සහ Protect Our Snakes යන ෆේස්බුක් පිටු හරහා සර්පයෙකු ඔබේ නිවසට පැමිණි විට හෝ ඔබට සංරක්ෂකවරයකු අවශ්‍ය විටදී සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. තවද අපි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම ආරම්භ කළේම මෙම සර්පයන් ගැන සමාජයේ දැනුම අඩුවීම හා ඒ ගැන ඉගෙන ගන්න තැනක් පවා රටේ නොමැති නිසාමයි. මාධ්‍ය තුළින්වත්, පාසලකින්වත් සර්පයන් ගැන පුළුල් ඉගැන්වීමක්, දැනුවත් කිරීමක් සිදු නොවන නිසාම මුල් අදියර වශයෙන් අපි දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් මූලික කරගෙන දියත් කළා. පසුව රෝහල්වල කාර්ය මණ්ඩලයට, පොලිස් කාර්යාලවල, තවද විශ්වවිද්‍යාල ආදිය පාදක කරගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් අපි දිගින් දිගටම පවත්වාගෙන යනවා.
සර්ප සංරක්ෂණයේදී මුලින්ම සර්පයා ගැන මූලික තොරතුරු, හැසිරීම් රටා, දෂ්ටනයක් ගැන ආදී සියලු තොරතුරු සමාජයට දෙන්න මම ඇතුළු මගේ පිරිස තීරණය කළා. සර්ප සංරක්ෂණය කළ යුතුම දෙයක් සහ ඒ පිළිබඳ දැනුවත් විය යුතුම යැයි යන්න මම මගේ අත්දැකීම් ඔස්සේ ජනතාවට පවසන්නට කැමති.
සැබවින්ම පරිසරයට අතිශය වැදගත් භූමිකාවක් විදියට සර්පයෝ හඳුන්වන්න පුළුවන්. තරුණ පරිසරවේදී ධනුෂ් අචලංක සමග කළ මේ සංවාදයෙන් එය ඔබට මැනවින් ප්‍රත්‍යක්ෂ වනු ඇත.
සටහන – හිරුෂිකා ධනංජලී
(ගෞරව උපාධි දෙවන වසර, ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය)

