උණුසුම් පුවත්
Search
rupert

92 හැවිරිදි ලෝක මාධ්‍ය බල­වතා මර්ඩොක් 06 වැනි වර­ටත් විවාහ ගිවිස ගනියි (ඡායාරූප සහිතයි)

153

ලෝක මාධ්‍ය බල­ව­තකු වන අමෙ­රි­කාවේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික රූපර්ට් මර්ඩොක් 06 වැනි වතා­ව­ටත් විවාහ ගිවි­ස­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Rupert Murdoch engaged again - who were his previous wives? | World News | Sky News

92 හැවි­රිදි මේ මාධ්‍ය බල­වතා මෙවර විවාහ ගිවිස ගෙන ඇත්තේ රුසි­යානු ක්ෂුද්‍ර­ජීව විද්‍යා­ඥ­ව­රි­යක වූ 67 හැවි­රිදි එලේනා සුකෝවා සමඟ බව ද වාර්තා වනවා.

Rupert Murdoch and Jerry Hall celebrate marriage with star-studded service

වසර 1956දී පළ­මු­ ව­රට පැට්‍රි­සියා බුකර් නමැති ඔස්ට්‍රේ­ලි­යානු ජාතික ගුවන් සේවි­කා­වක සමඟ විවාහ වී සිටි මර්ඩොක් 1967 දී දෙවැනි විවා­හය සිදු කර­ගෙන ඇත්තේ ස්කොට්ල­න්තයේ මාධ්‍ය­වේ­දි­නි­යක වූ ඇනා ටොර්ව් සම­ගය. අන­තු­රුව 1999දී චීන ජාතික වෙන්ඩි ඩෙංග් සමඟ විවාහ වූ මර්ඩොක් හිටපු මෝස්තර නිරූ­පි­කා­වක වූ ජෙරී හෝල් සමඟ අති­නත ගත්තේ 2016දීය. අන­තු­රුව ඔහු විවාහ ගිවිස ගෙන සිටියේ අමෙ­රි­කාවේ හිටපු ගුවන් විදුලි නිවේ­දි­කා­වක වූ ඈන් ලෙස්ලි සම­ඟය…..

Jerry Hall Marries Rupert Murdoch in London

ලොව පුරා සිය ගණ­නා­වක පුව­ත්පත් සමූ­හ­යක් ප්‍රකා­ශ­යට පත් කරන අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ගත් නිව්ස් කෝප­රේ­ෂන් සමාගමේ හිමි­කරු වන මර්ඩොක්ගේ පුව­ත්පත් ජාලය එංග­ල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව, අමෙ­රි­කාව ඇතුළු රට­වල් රැසක ව්‍යාප්තව ඇති අතර ඔහු සතුව එම රට­වල රූප­වා­හිනි නාලිකා ද තිබේ.

 

Rupert Murdoch and Jerry Hall Are Now Married | Fortune

It's Official: Rupert Murdoch and Jerry Hall Tie the Knot | Vanity Fair

Rupert Murdoch Jerry Hall marry: an unlikely quest for love | British GQ | British GQ