රැකියා සඳහා පිටත්ව ගිය මෙරට කාන්තාවන් 80 දෙනකු ඩුබායි රාජ්‍යයේ අතරමං ව සිටින බවට එරට තානාපති කාර්යාලය කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයට දැනුම් දී ඇත.
මෙම පිරිස විවිධ විදේශ රැකියා නියෝජිත ආයතන මගින් රැකියා සඳහා ඩුබායි වෙත ගොස් ඇතඅයි තොරතුරු අනාවරණය වී තිබේ.
ඉන් කාන්තාවන් 50 දෙනකු ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ අතරමංව සිටින අතර, සෙසු පිරිස නිවාසයක රඳවා තබා ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න පවසයි.
මෙලෙස රැකියා සඳහා ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති පිරිසෙන් බොහොමයක් සංචාරක වීසා මත ගොස් සිටින බව ද හෙළිවී තිබේ.
කෙසේ වුවද, මෙම පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සමග එක්ව කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ පසුගිය දා පැවැති සාකච්ඡාවකදී දැනුම් දී ඇත.
වරුණි පෙරමුණ
Source – Aruna