උණුසුම් පුවත්
Search

ලංකාවේ ඇති ෆයිසර් එන්නත් ලක්‍ෂ 80ක් මකර කටේ

78

කොවිඩ් – 19 වෛරස රෝගය පාලනය සඳහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 80ක පමණ තොගයක් ලබන ජූලි මස අවසානයේ දී කල් ඉකුත්වීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

මේ වන විට මෙරට ජනතාව තුළ කොවිඩ් පාලන එන්නත් ලබාගැනීමට ඇති උනන්දුව අඩුවීම සහ කොවිඩ් සම්බන්ධයෙන් පවතින අවදානම අඩුවීම මෙලෙස විශාල ලෙස එන්නත් ඉතිරිවීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම තත්ත්වය මත අදාළ ෆයිසර් එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් අවශ්‍ය රටකට පරිත්‍යාග කිරීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් ද ෆයිසර් සමාගම සමඟ සාකච්ඡා කර ඒනනත්වල කල් ඉකුත්වීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව ද අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මීට පෙර එම සමාගම එවැනි දීර්ඝ කිරීම් සිදුකර ඇති බැවින් ඒ අනුව කාලය දික්කිරීමේ ක්‍රියාපටිපාටියකට යොමු වීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවා.

මේ වන විට කොවිඩ් පාලනය සඳහා සිව්වැනි මාත්‍රාව ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published.