මේ වසරේ සිදු වූ විශාලතම ඛේදවාචකයක් ලෙස, යුරෝපයට ළඟා වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් රැගත් ධීවර යාත්‍රාවක් බදාදා ග්‍රීසියේ දකුණු වෙරළට ඔබ්බෙන් පෙරළී ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 79 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් විය. ලිබියාවේ සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මූලික වාර්තා අනුව පකිස්ථානය, ඊජිප්තුව සහ සිරියාවේ සිට පැමිණි පුද්ගලයින් 500ක් පමණ යාත්‍රා කළ බවට වාර්තා විය.
පුද්ගලයින් 700-750 ක් සිටි බවට ඇතැම් වාර්තා පළවූ නමුත් ග්‍රීක බලධාරීන්ට එම සංඛ්‍යා තහවුරු කළ නොහැකි බව ග්‍රීසියේ භාරකාර රජයේ ප්‍රකාශක ඉලියාස් සියකන්තාරිස් පැවසීය.
ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය දක්වන ට්‍රාන්ස්-යුරෝපීය ජාලයක් ක්‍රියාත්මක කරන Charity Alarm Phonග්‍රීසියට ඔබ්බෙන් විපතට පත් නෞකාවක සිටි පුද්ගලයින්ගෙන් අනතුරු ඇඟවීම් යොමු කළ බවත් පැවසීය.
නැතිවූ මගීන් සංඛ්‍යාව නොදන්නා නමුත්, වෙරළාරක්ෂක, නාවික, වෙළඳ නැව් සහ ගුවන් යානා මගින් මුළු රාත්‍රිය පුරාවටම දැවැන්ත සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
බලධාරීන් පවසන පරිදි පෙලෝපොනිස් හි දකුණු පයිලෝස් නගරයේ සිට කිලෝමීටර් 75 ක් නිරිත දෙසින් පිහිටි ජාත්‍යන්තර මුහුදේ බෝට්ටුව ගිලී ඇති අතර පුද්ගලයින් 104 දෙනෙකු බේරාගෙන ඇත. මෙම ස්ථානය මධ්‍යධරණී මුහුදේ ගැඹුරුම ස්ථානයට ආසන්නව පිහිටා ඇති අතර ගැඹුර නිසා ගිලී ගිය නැවක් සොයා ගැනීම අපහසු විය හැකිය. මුහුදෙන් ගොඩගත් බොහෝ දෙනෙකුට පිහිනීමට නොහැකිව සුන්බුන්වල එල්ලී සිටි බව වාර්තා විය.
වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව කිසිවෙකුට ජීවිතාරක්ෂක ජැකට් නොතිබුණි.
“සියලු සංක්රමණිකයෝ යාත්‍රාවේ එක් පැත්තකට ගියහ – ඔවුන් කලබල වූ නිසා – එය පෙරළුණා. මීටර් 25-30 පමණ බෝට්ටුවක් ගැන සිතන්න.“ වෙරළාරක්ෂක නිලධාරියෙක් ජනාධිපති කැටරිනා සකෙලරොපොලූ වෙත කළ සාකච්ඡාවකදී පැවසීය.
දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු වෛද්‍ය ප්‍රථමාධාර මත පිටත කූඩාරමක රඳවා ඇත.
වයස අවුරුදු 16 සිට 49 දක්වා වූ දිවි ගලවා ගත් 25 දෙනෙකු උණ හෝ හයිපෝතර්මියාව අත්විඳිමින් රෝහලට ඇතුළත් කර ඇත. ඉතාලිය බලා යාමට නියමිතව තිබූ බෝට්ටුව නැගෙනහිර ලිබියාවේ ටොබ්රුක් නගරයෙන් පිටත්ව යන්නට ඇතැයි සැලකේ. මිනිස් ජාවාරම්කරුවන් ලිබියාව ජාවාරම් බෝට්ටුවලින් යුරෝපයට යාත්‍රා කරන අයගේ මූලික ආරම්භක ස්ථානවලින් එකක් බවට පත් කර ඇත.
භාරකාර අගමැති සෙනසුරාදා දක්වා දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර, ග්‍රීසිය “මෙවැනි ඛේදවාචකයක් කිසිදා අත්විඳ නැති” බව දක්වමින් ශෝකය පළ කර තිබේ.
Gossip Lanka News