දරුවන් හදා ගැනීමට ඉල්ලා දේශීය ඉල්ලුම්කරුවන් පන්දහසක් (5000) පොරොත්තු ලේඛනවල සිටින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි, නිර්මලී පෙරේරා සඳහන් කළේ වසර 05කට වැඩි කාලයක සිට මෙම පිරිස පොරොත්තු ලේඛන වල සිටින බවය.
පළාත් සභා මට්ටමෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බවත් දරුවන් හදා වඩා ගැනීමට වැඩි වශයෙන් ඉල්ලීම් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 1000කට වැඩි බව ද ඇය සඳහන් කළාය.
කෙසේ වුවද මේ වන විට ලැබෙන ඉල්ලීම් වලට දරුවන් ලබාදීමට නොහැකි බවද ඇය පැවසුවාය.
කුල වද්දා ගැනීමේ ආඥා පනත යටතේ දරුවන් හදා වඩා ගැනීමට ලබා දිය හැකි බවත් අවිවාහක මවකට දරුවකු ලැබුණහොත් හෝ දරුවන් ලැබුණු පසු ඔවුන් හදා වඩා ගැනීමට නොහැකි දෙමව්පියන්ට එම දරුවන් පරිවාස දෙපාර්තමේන්තුවට භාරදීමට හැකියාව පවති.
එම නිසා දරුවන් ලැබුණු පසු එම දරුවන් හදාවඩා ගැනීමට නොහැකි නම් ඔවුන්ගේ ජීවිත අහිමි නොකරන ලෙස ද පරිවාස දෙපාර්තමේන්තුව මව්වරුන්ගෙන් ඉල්ලා සිටියි.
වරුණි පෙරමුණ