උණුසුම් පුවත්
Search
johnston son

ජොන්ස්ටන්ගේ පුතාට අයත් බීර හලක 40,000ක සොරකමක්

435

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතාගේ නමින් පවත්වාගෙන යනු ලබන බව කියන විත්තිකුලිය හන්දියේ දැදුරුඔය ආසන්නයේ පිහිටි බියර් හල කඩා එහි ලාච්චුවේ බහා තිබූ රුපියල් 40,000ක මුදලක් සොරාගත් බව කියන පුද්ගලයකු පෙරේදා (18) සැකපිට අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලිසිය පවසනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොබෙයිගනේ පොලිස් වසමට අයත් ඇහැටුවැව, විත්තිකුලිය පදිංචි 35 හැවිරිදි අයෙකි.

පසුගිය 09 වැනිදා කලහකාරී පිරිසක් විසින් මෙම බියර්හලට පහර දී තිබූ බව ද පොලිසිය කියයි.

කොබෙයිගනේ පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *