උණුසුම් පුවත්
Search
japan

ජපානයේ දුම්රියක් තුළ පිහි ඇණුමක්

148

ජපානයේ දුම්රියක මගීන්ට පිහි ප්‍රහාර එල්ල කළ තරුණියක පොලිස් අත්අඩංගුවට පත්වුණු බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පිරිමින් සිවුදෙනෙකි. පිහි ප්‍රහාරය එල්ල තළ තරුණිය 20 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය පවසනවා.

පිහි ප්‍රහාරය එල්ප කෙරුණේ ටෝකියෝ නුවර දුම්රියක් තුළ වන අතර තරුණිය පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

තුවාල ලැබූ සිවු දෙනා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

පිහි ප්‍රහාරය එල්ල කර තරුණිය මෙල්ල කර ගනිමින් ඇය පොලිසියට බාර දුන්නේ දුම්රියේ සිටි සෙසු මගීන් යැයි ද පැවැසෙයි.

(ජපෑන් ටයිම්ස් ඇසුරිනි)