අපේ රටේ කලාව තුළ නම කියූ පමණින් හඳුනන කලාකරුවෝ වගේම රූපය දුටු පමණින් හඳුනන කලාකරුවන් සිටිනවා පුංචි තිරය තුළ හැඩි දැඩි පෙනුමක් තියෙන ඔහු සිනමාව හා වේදිකාව එක ලෙස ජය ගත්තු කෙනෙක් එයා නමින් දිමුතු චින්තක අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන්නෙ දැනට අවුරුදු 35ක් ඔහු කලා ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

ඔහු ආ ගමන් මඟ පිළිබඳ එයාගෙ සාර්ථකත්වය පිළිබඳ අද දිමුතුට එයාගෙ ඇස් දෙක ඉස්සරහම බලාගන්න පුළුවන්. අපි දිමුතු ගැන කතා කරද්දි අපිට වැඩිපුරම කතා කරන්න වෙන්නේ වේදිකාව ගැන. ජේෂ්ඨ කලාකරුවෝ රැසක් එයා වේදිකාව තුළ ඇසුරු කරලා තියෙනවා. ඔහු නිතර නිතර වේදිකා නාට්‍යවලට දායක වීමට අමතක කළෙත් නෑ එතෙක් මෙතෙක් කාලය තුළ ඔහු ආ ගමන් මඟ පිළිබඳ දිමුතු පවසල තිබුණේ මේ වගේ අදහසක්

” මම කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 35ක් . මං ජීවත්වෙන්නේ අනුරාධපුරයෙ. මම වෘත්තියෙන් ගුරුවරයෙක් මේ අවුරුදු 35ට මම ටෙලි නාට්‍යය 200ක් චිත්‍රපට 40ක් වේදිකා නාට්‍ය 20ක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම දැනට රාජකාරි කටයුතුවල නිරත වෙන්නේ අනුරාධපුර ඉඳලා කිලෝමීටර් 60 කට වඩා ඈත විල්පත්තුව මන්නාරම මායිමේ තියෙන මාලා විද්‍යාලයේ .”

කලා කටයුතුවලට කොළඹ ආවත් ඔහුගේ කැමැත්ත ගමේ ජීවත් වේන්න . දිමුතු මීට අවුරුදු දොළහකට කලින් රංගන පාසලක් පටන් ගත්තා මේ රංගන පාසල තුලින් බිහි වුණු දරුවන් අද වෙද්දි ටෙලි චිත්‍රපට රැසකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු ගුරු වෘත්තියට සිදුකරන්නෙත් නාට්‍ය හා රංග කලාව අපි මෙ දක්ෂ ශ්‍රේෂ්ඨ නළුවාගේ අනාගත කටයුතු සාර්ථක වෙන්නත් තව තව නිර්මාණයන්ට දායක හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
