උණුසුම් පුවත්
Search
cleaning

උපාධිධාරීන් 18ක් දකුණේ පාසල් වල වැසිකිළි හෝදනවා

238

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පාලනය වන පාසල් වන කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ලෙස උපාධිධාරීන් 68 දෙනෙකු සේවය කරන අතර ඉන් 18 දෙනෙකු සනීපාරක්ෂක කම්කරුවන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රන්ජිත් යාපා පවසනවා.

දැනට වසර ගණනාවක සිට මෙම උපාධිධාරීන් 18 දෙනා පාසල් වල සනීපාරක්ෂක කම්කරු තනතුරට අදාළ සේවා වල නිරතව සිටින බව ද ඔහු පවසනවා.

මේ පිළිබඳව තමන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ දැනුවත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරනවා.

ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මෙකී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපියේ සඳහන් සනීපාරක්ෂක කම්කරු තනතුර වෙනස් කර ඔවුන් පාසල් වල පුස්තකාල සහායක සහ රසායනාගාර සහයක යන තනතුරු සඳහා පත් කිරීමට කටයුතු කරන බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.

එම උපාධිධාරීන් 68 දෙනා සඳහා 23 සිට ඊට අදාළ පත්වීම් ලබාදෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – Mawbima




Leave a Reply

Your email address will not be published. Required fields are marked *