එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක් තමයි කේ. සුජීවා කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය විසින් ගායනා කරපු ”ඉඟි මරණ තරු රෑන කෝ….” කියන ගීත නිසා තමයි සුජීවා කියන චරිතය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ….
ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතය නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ආදරය කසාදය කියන තැනදි ඇයට වැරදුණු තැන් බොහොමයි. එක්තරා අවස්ථාවකදී ඇය කියන විදිහට ඇය ජීවිතයේ විඳින්න ඕනේ සියලුම අත්දැකීම් ඇඳපු කෙනෙක්. ඇයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන්න විතරයි ඒ අත්දැකීම විතරයි තාම ඇයට අඩුයි…..
සුජීවාගේ ජීවිත කතාව ගැන අහද්දි අංජලී කියන්නේ ඇයගේ ජීවිතේ පළවෙනිම දරුවා. ඉතින් ඇය ඉපදුනු විදිහ පිළිබඳව එක්තරා අවස්ථාවකදී සුජීව කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..
“අංජලීව මට හම්බවෙන්න ඉද්දි මට අවුරුදු 21යි. ඒ නිසා ඒකෙ ලොකු බරපතලකමක් මම දන්නෙ නැහැ….. එතකොට අපේ ගෙදර බබෙක් හිටියේ නෑ…. අපේ අයියයි අක්කයි බැඳලා හිටියට එයාලට බබාලා හිටියෙ නෑ. මට බබෙක් හම්බෙන්න ඉන්නවා කිව්වහම ඔක්කොමලා පුදුම වුණා….. මොකද අපේ පවුලට හම්බවෙන පළවෙනි බබා. අංජලී මගේ බඩේ ඉන්න ඕනි දවස් ගානටත් වඩා වැඩිපුර හිටපු කෙනෙක්…… එයා දවස් 14ක් හිටියා. ඩොක්ටර්ලා කිව්වා අම්මව බේරගන්න පුළුවන්, ඒත් දරුවගේ හදවත වැඩ නෑ කියලා….. හැබැයි අන්තිමට අංජලී වාසනාවන්ත වුණා ජීවත් වෙන්න”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි කේ. සුජීවා ඇයගේ ජීවිත අත්දැකීම පිළිබඳව ඉතාමත් සංවේදී කතාවක් වැඩසටහනක් අතරතුරේදී හුවමාරු කරගෙන තිබුණේ.