උණුසුම් පුවත්
Search
lak pohora

10,000ක් ගෙව්වත් පොහොර මිටියේ බර අඩුයි

215

ඉන්දියාවෙන් ගෙන්වා වී ගොවීන්ට බෙදාදෙන යූරියා පොහොර වල නිසි බර ප්‍රමාණය නැති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් ගොවීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් අද (18) අසන්නට ලැබුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවි සංවිධාන වලට නිකුත් කිරීම දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක වුණා.

එහිදී අක්කර එකකට යූරියා පොහොර කිලෝ 40ක් ලබාදීම රජයේ ප්‍රකාශ කොට තිබුණා. දඹුල්ල ගොවිජන සේවා කාර්යාලය මඟගින් අක්කර 1ක වි වගාවට යුරියා කිලෝ 20ක ප්‍රමාණයක් පමණක් ලබාදෙන බව ගොවීන් චෝදනා කළා.

ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව දඹුල්ල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ට ලැබිය යුතු පොහොර ප්‍රමාණය නොලැබී ඇති බවත් ලැබී ඇත්තේ පොහොර මිටි 1500ක් පමණක් බවයි.

එම නිසා අක්කර එකකට කිලෝ 40 බැගින් ලබාදීමට නොහැකි නිසා සියලු දෙනාටම සාධාරණය ඉටු වීමට කිලෝ 20 බැගින් ලබාදීමට තීරණය කළ බවයි. ගොවීන්ගේ චෝදනා සහ ගොවීන් ගේ නොසන්සුන්තාවය නිසා ලැබී ඇති පෝහොර පැමිණෙන පිලිවෙලට අක්කර එකකට කිලෝ 40 බැගින් ගොවි සංවිධාන වලට නිකුත් කිරීම්ට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට ලැබී තිබූ කිලෝ 50 ක පොහොර මිටියක කිලෝ 50 ක ප්‍රමාණය නොමැති වීම නිසාත් ගොවි සංවිධාන නායකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටියා. එහිදී ගොවීන්ගේ ඉල්ලීම මත ලැබී ඇති පොහොර මිටි ගබඩාව තුළ ම ඇති තරාදියකින් කිරා බැලීමට ගොවීන්ට හැකි වුණා.

එහිදී කිලෝ 50 ක ප්‍රමාණයක් ඇති බව සටහන්ව තිබූ ඇසුරුම්වල විශාල වශයෙන් පොහොර අඩු වී තිබුණා . ඇතැම් ගෝනි වල කිලෝ 48,47,49, ඒ සමගම කිලෝ පනහ වෙනුවට කිලෝ 40කද ඇතැම් ඇසුරුම් වල තිබූ බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයන් කියා සිටියේ, තමන්ට කිලෝ 50 ක ප්‍රමාණයට රැගෙන ගොස් මේවා ගොවීන්ට කිරා බෙදා දීමට යද්දි බරපතල ප්‍රශ්න රැසකට මුහුණ පෑමට නිලධාරීන්ට සිදුවන බවයි.

කිලෝ 50ක ප්‍රමාණය නොමැතිවීම නිසා එක් අයෙකුට කිලෝ විස්සකට මුදල් ලබාගෙන ලබාදීමට හැක්කේ අඩුවෙන් බව ද ගොවීන් පවසනවා. පොහොර බෙදා දීමේ සිද්ධිය තවත් ප්‍රශ්න රැසක් ගම් තුළ ගොවි සංවිධාන තුළ මතු වෙන බව ද ගොවි නියෝජිතයෝ පෙන්වා දෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *