උණුසුම් පුවත්
Search
COVID

පිළියන්දල හෙදියක ඇතුළු 10 දෙනෙකුට කොවිඩ්

150

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයේ හෙද නිලධාරිනියක ඇතුළු 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඉකුත් සතිය තුළ හඳුනාගෙන ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල පවසනවා.

ඒ අනුව එම පවුල්වල සමීපතමයන් දින හතක ගෘහස්ථ නිරෝධායනයට යොමු කළ බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

කොරෝනා ආසාදිත හෙද නිලධාරිනිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ සේවය කරන අතර ඇයට කොවිඩ් ආසාදිත බව පී.සී.ආර්. පරික්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මේ අතර එන්නත් ලබා නොගත් පිරිස් සඳහා දිනපතා පෙරවරු 8:30 සිට 12.00 දක්වා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ දී ෆයිසර් එන්නත ලබා ගත හැකි බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මක් ද සිල්වා කියා සිටියා.

කොරෝනා සිවුවන එන්නත ලබා දීමද එහිදී සිදු කෙරෙන අතර ඉකුත් 20 දා සිට මේ දක්වා 150 දෙනකුට සිවුවැනි මාත්‍රාව ලබා දී ඇති බව ද ඔහු කීවේය.

එලෙස ලබා දෙනු ලබන්නේ ෆයිසර් එන්නත බවත් ඕනෑම ප්‍රදේශයක පදිංචිකරුවකු ට පැමිණ එන්නත ලබාගත හැකි බවත් සුමිත් මාක් ද සිල්වා සඳහන් කළේය.

මේ අතර වයිරසය සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසය ශීග්‍රයෙන් පැතිරෙන නිසා සෞඛ්‍යය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.




Leave a Reply

Your email address will not be published.