උණුසුම් පුවත්
Search
school

දරුවන්ගෙන් 10%කට පාසල එපා වෙලා

191

රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වූයේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කළේය.

දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව ලෙස හඳුනා ගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව පැවසූ මහාචාර්යවරයා ආහාරපාන නැතිකම දෙවන හේතුව ලෙස හඳුනාගන්නා ලදැයිද ප්‍රකාශ කළේය.

පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි කරන තුන්වෙනි හේතුව ලෙස හඳුනා ගත් බවද ඔහු පැවසීය.

මේ අතර පාසල් දරුවන් පාසලට පැමිණියත් බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට බව එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වූ බව පවසන මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ

Source – Lankadeepa