ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 05ක් හෙවත් රුපියල් කෝටි 18ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කර තිබෙනවා.
ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබාදී ඇති බව සඳහන්.
මෙරට පිළිකා රෝගීන් රැසක් ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන රෝහලක් ලෙස අපේක්ෂා රෝහල හඳුනාගත හැකියි.
වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුද හමුවේ මෙම ක්‍රියාව අගය කළ යුතු වනවා.