බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජතුමා පුරස්ථි විශාල වීමේ රෝගයකට මුහුණ පා ඇති නිසා තාවකාලිකව රාජකීය කටයුතු වලින් ඉවත් වන බව බකිංහැම් මාලිගය ප්‍රකාශ කරනවා. රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට ලබන සතියේ රජතුමා රෝහල්ගත වීමට නියමිත අතර රජුගේ තත්වය බරපතල නොවන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
සාමාන්‍යයෙන් රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වයන් පිලිබඳව හෙලිදරව් නොකරන නමුත් පුරස්ථි ග්‍රන්ථි ආසාන වලට මුහුණ දෙන පුද්ගලයන් වෛද්‍ය ප්‍රථිකාර සඳහා දිරිමත් කිරීමේ අරමුණින් රජු විසින් තමන්ද එම රෝගයට මුහුණ දී ඇති බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත.
NHS වෙබ් අඩවියට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 50ට වැඩි පිරිමින් තුල බහුලව දක්නට ලැබෙන රෝගයක් වන පුරස්ථි ග්‍රන්ත ඉදිමීම තත්වය පිරිමින් තිදෙනෙකුගෙන් එක් අයෙකුටම වැලඳෙන රෝගයකි. මෙම රෝගය පිළිකා තත්වයකි හෝ සෞඛ්‍යයට බරපතළ අවධානමක් නැති නමුත් මුත්‍රා පිටකිරීමේ අපහසුව ඇතුළු රෝගී තත්ව කිහිපයකට මුහුණ දෙයි.
ඒ අතර වේල්ස් හී කුමරිය වන කේට් කුමරිය ද උදරයේ සැත්කමකට මුහුණ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කෙන්සින්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. සැත්කම සාර්ථකව නිමකර ඇති නමුත් ඇය තව සති දෙකක කාලයක් රෝහලේ ගත කිරීමට නියමිත අතර සම්පූර්ණ සුවය ලැබීමට මාස තුනක කාලයක් ගතවනු ඇතැයි පැවසේ. සාමාන්‍යයෙන් සුළු සැත්කමකින් පසුව රෝගීන් වහාම රෝහලෙන් මුදාහරින නමුත් තවත් සති දෙකක් කුමරිය රෝහලේ තබාගැනීමට තීරණය කිරීම යම් කිසි බරපතල රෝගී තත්වයක් වියහැකි බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් ඇයගේ රෝගී තත්වය පිළිකා සම්බන්ධ රෝගයක් නොවන බව රෝහල් විසින් තහවුරු කර සිටිනවා.
රෝගය හේතුවෙන් තවත් මාස කිහිපයක් ඇයට රාජකීය කටයුතු වලින් ඉවත්ව සිටීමට සිදුවන අතර ඇය රෝහලෙන් පසුව ඇයගේ දරුවන් සමඟ ගතකිරීමට බලාපොරොත්තු වන බව කෙන්සින්ටන් මාලිගාව ප්‍රකාශ කරනවා.