උණුසුම් පුවත්
Search
gotabhaya singapore

සිංගප්පූරුවේ රැදෙන්න ගෝඨා තවත් දින 14ක් ඉල්ලයි

37

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන 11 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටි බව සඳහන්.

ඔහු එසේ පැමිණෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ද මීට පෙර සඳහන් කර සිටියා.

එහෙත් රජය කර ඇති මෙම ඉල්ලීම අනුව ඔහු මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ලැබෙනවා.

අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබූ අතර පසුව එම කාලය ද තව සති 02කින් දීර්ඝ කරනු ලැබුවා.

ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ජනපති රනිල් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා තිබුණේ, ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම ගැන තමන්ට දැනුම් දී නොමැති බවත් ඔහු මේ අවස්ථාවේ පැමිණීම නොකළ යුතුව ඇති බවත්ය.

කෙසේ නමුත් ජනාධිපති රනිල් එහිදී සඳහන් කර සිටියේ තවමත් රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ගෝඨාභය හා තමන් අදහස් හුවමාරු කරගන්නා ද බවයි.




Leave a Reply

Your email address will not be published.