අලුතින් පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා මේ වන විට අමාත්‍ය ධුර හොබවනු ලබන සියලු දෙනා එම ධුර වලින් ඉවත් වීමට තීරණය කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කැබිනට් මණ්ඩලයේ සාමාජික අමාත්‍යවරුන් 05ක් ඊයේ (10) වන විට තනතුරු වලින් ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර යන ඇමතිවරු පෙරේදා (09) සිය අමාත්‍ය ධුර වලින් ඉවත් වූ අතර කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් ඇමති මහින්ද අමරවීර ඊයේ (10) පෙරවරුවේ සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණා.
එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා ද ඊයේ (10) දහවල් සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කර සිටියා.
තවද වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව පසුගිය බදාදා සිය ඇමති තනතුරෙන් ඉල්ලා අස් වූවා.