රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් එල්ල කරන ලද පීඩනය හමුවේ පසුගිය යහපාලන සමයේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අකුළා ගන්නා ලද නමුත් නැවත එය කරළියට ගෙන ඒමේ වෑයමක් පවතින බව අද සිදු වූ සාකච්ඡා වලින් හෙලි විය.
පාර්ලිමේන්තුවේ පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ සාකච්ඡාව අතරතුරදී අද දින සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක පවසනු ලැබුවා.
මෙම අවස්ථාවේ ඒ ගැන සංවාද කිහිපයක් ම ඇති වූ අතර ජනාධිපතිවරයා හා පක්ෂ – විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුම ඒ පිළිබඳ අදහස් දැක්වු අතර සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබී ඇති බවත් ඕනෑ නම් එය යළි විවෘත කළ හැකි බවත් එස්.බී.දිසානායක කීය.
”තමුන්නාන්සේලා කැමැති නම් අපි ආයෙත් සයිටම් පටන් ගමු” යනුවෙන් එස්.බී.දිසානායක සිනාසුනේය.
මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ද සිය කැමැත්ත පළ කරන ලදි.
ජනපති රනිල් කියා සිටියේ ශ්‍රී ලංකාව විදෙස් සිසුන්ට මුදලට අධයාපනය දෙන කලාපීය මධ්‍යස්ථානයක් කළ හැකි බවයි.
එමගින් රටින් පිටට වාර්ෂිකව යන ඩොලර් බිලියන 3 ක් ඉතිරි වන්නා සේම රටට අමතර බිලියන 10 ක් සොයා ගත හැකි බවයි.
Source – Gossip Lanka News