නිනෝ ලයිව්” සිනමාපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය ”කූඹියෝ” ටෙලි නාට්‍යය තුළින් රසික ජනාදරයට පත් වූවාය. එපමණක් නොව ඇය රයිගම් ටෙලීස්හි හොඳම සහාය නිළියට හිමි සම්මානය ද ලබා ගත්තාය. ”රෂ්” සිනමාපටයට ද ආරාධිත රංගනයෙන් දායක වූ ඇය කසුන් පතිරණගේ කුලූඳුල් සිනමාපටය වන ”නයිට් රයිඩර්” හි ප‍්‍රධාන චරිතය රගපෑ අතර මෙය ඇගේ තෙවන සිනමා ආගමනයයි. මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන ”නයිට් රයිඞ්ර්” සිනමාපටයේ ”ශානි සූරිය බණ්ඩාර” ලෙස ර
ගන ඇය යුරේනි නොෂිකායි. යුරේනි සමඟ කළ කතාබහේදි ඇය ඇගේ ජිවිතය ගැන පවසා සිටියේ අපේ සියලූ දෙනාම සම්ප‍්‍රදායික විදියට හිතන්න පටන් අරන් තියෙන්නේ. හණ මිටි අදහස් නිසා සමහර අයට සමාජයේ ජීවත් වෙන්න බැරි තරම් ප‍්‍රශ්න තියෙනවා. ඒ සියලූ දෙනාම හිතන්නේ බැඳලා දරුවෝ හදලා දරුවන්ගේ වැඩ ටික කරගෙන ගෘහණියක් වෙන එක තමයි හොඳම දේ කියලා. මම නම් එකට තදින්ම විරුද්ධයි.

අද ලෝකයේ භාගෙට භාගයක් ස්ත‍්‍රීන් තමයි පාලනය කරන්නේ. ඇතැම් රටවල කාන්තාවෝ ජනාධිපතිවරියන් වෙලා ඒ ඒ රටවල් පාලනය කරනවා. මෙතැන තියෙන්නේ ස්ත‍්‍රී, පිරිමි පක්ෂ අතර අසමතුලිතතාවයක් බවයි මම නම් දකින්නේ. ඒත්, පිරිමින්ට වඩා අද ස්ත‍්‍රිය ඉදිරියෙන් ඉන්නවා. අපේ රටේ වුණත් බැලූවොත් ප‍්‍රධාන ස්ථානවල මූලාසනයේ ඉන්නේ කාන්තාවන්. ඒ ඔවුන්ගේ නිදහස තුළ ඔවුන් ජීවත් වුණ නිසයි. මගේ ජීවිතය හදාගත්ත පිළිවෙළක් තියෙනවා. ඒ විදිහට තමයි, මගේ ජීවිතේ නම් මම ගොඩනඟාගෙන යන්නේ. මම අද සමාජයට ගොඩක් දේවල් දායාද කරල තියෙනවා. වෘත්තිමය වශයෙන් සහ පෞද්ගලික මට්ටමෙන්. සමහර තරුණ තරුණියන් මාව ආදර්ශයට ගෙන ඔවුන්ගේ ජීවිත පවා වෙනස් කරගෙන තියෙනවා. නිරූපණ ක්ෂේත‍්‍රය මම ලොකු වෙනසක් සිදු කළා. ඒ සිදු කරපු වෙනස සියලූ දෙනාම දන්නවා.

මම ගන්න හැම හුස්ම වාරයක් පාසාම සමාජයට වැදගත් යමක් කරනවා කියලා හිතලා තමයි මම හුස්ම ගන්නෙ. සමහරක් තරුණ තරුණියෝ මගෙන් අහනවා ඔයා වගේ වෙන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් මගෙ රංගනය පැත්තෙන් කතා කරනවා. ඒ ගමන යන්නේ කොහොමද කියල අහනවා. සමහරක් අය අහනවා ෆැෂන් කලාව පැත්තෙන් කොහොමද යන්නේ කියලා. ඒ ඔවුන් මාව ආදර්ශයට අරන් තියෙන්නේ මම මගේ ගමන නිවරැදිව යන නිසයි. ඒ නිසා මම ඒ ගැන ආඩම්බර වෙනවා. මම ආදරේට ආදරේ හො`දට කරලා තියනවා. මගේ ජීවිතයේ වෙනස් වෙන්න ඕන කාලයයි මේක කියලා මට හිතුණොත් මාව තේරුම් ගන්න, මාව රැක බලා ගන්න පුළුවන්, මට ආදරේ කරන්න පුළුවන්, නිදහස්ව හිතන්න පුළුවන්, පොළොවේ පය ගහලා ඇවිදින්න පුළුවන් කෙනෙක් හමු වුණොත් මම මගේ තීරණය වෙනස් කරනවා.