උණුසුම් පුවත්
Search
Piyumi Botheju

ශරීරය මේන්ටේන් නොකරාට හොඳට ගෙදර මේන්ටේන් කරන්න පුළුවන්-පියුමි

53

තවමත් ඇයව අමතන්නේ හිමාලි නමිනි. ඒ තරමට පබා හි ඇය නිරූපණය කළ හිමාලිගේ චරිතය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තේය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව වගේම නිවේදනය හඬ කැවීම ආදී බොහෝ කලා මාධ්‍යයන් එක්ක හරඹ කරන ඇය පියුමි බොතේජු. අතළොස්සක් වූ ප්‍රහසනාත්මක ‍රංගන ශිල්පීන් අතර ඇයද තැනක් ගනී. චරිතාංග නිළියක ලෙස තමන්ට ලැබෙන චරිතයට උපරිමය කරන ඇයපසු ඇයගේ කලා ජිවිතය හා ශරිර සෞඛ්‍ය ගැන කතා කරා.

Piyumi Botheju Feet 5951815

මගේ වෘත්තීය රංගනය. එය තියෙන්නේ කලාව තුළ. විටෙක මම රංගන ශිල්පිනියක්. විටෙක නිවේදිකාවක්. විටෙක හඬ කැවීම් ශිල්පිනියක්. ඉවෙන්ට්ස් තව එකක්. අද වනවිට නළුනිළි වටිනාකම අඩුවෙලා තියෙන්නේ මූණ පෙන්නගන්න ඕන නිසා සොච්චම් මුදලට රඟපාන අය නිසා. මම හැමදාමත් මගේ ජීවිතේ හරි පිළිවෙළට පෙළගස්වා ගත් කෙනෙක්. මම ගෙදර හදන කාලේ එයටයි වියදම් කළේ ඇඳුමකටවත් වියදම් කළේ නෑ. වාහනේට ගෙවන්න තියෙන විට එයට තමයි ලැබෙන මුදල් මුලින්ම වෙන් කරන්නේ. මගෙ එක්ක මගෙ අම්මයි තාත්තයි ඉන්නේ. ඒ දෙන්නම විශ්‍රාමිකයි. මම හොඳ කළමනාකරණයක් හා සැලසුමක් ඇතුව වැඩ කරන කෙනෙක්. හොඳට ගෙදර මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක්.

Piyumi Botheju Feet 6475494

නිළියකට ශරීරය මේන්ටේන් කරන එක මාර වැදගත් වෙන්නෑ. ස්ක්‍රීන් එකට අපේ පොඩි ඕවර් ලුක් එකක් තියෙනවා. මේ සමාජය තුළ කෙට්ටුම චරිත නෙවෙයිනේ මහත අයත් ඉන්නවනේ. ඒ චරිත නිරූපණය කරන්නේ කවුද අපි වගේ අය නැති වුණොත්?




Leave a Reply

Your email address will not be published.