උණුසුම් පුවත්
Search
lankapura ds

ලංකාපුර ප්‍රා.ලේ. කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියට ජීවිතය අහිමිවෙයි

157

පොලොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද (04) අලුයම 2.30ට පමණ ඇයගේ නිවසේ දී තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව ලංකාපුර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තල්පොත, පොළොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

ඝාතනයට ලක්වෙද්දී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනා ද සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළා ද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ලංකාපුර පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕශාන් හේවාවිතාරණගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.

ක.ග.කරුණාරත්න,නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.