උණුසුම් පුවත්
Search
queen elizabath

රාජකීය අවමඟුල් උළෙල එළඹෙන 19 වැනිදා

51

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ අවමංගල කටයුතු සැප්තැම්බර් 19 වනදා සුප්‍රකට වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත් වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය තහවුරු කර සිටිනවා.

ඒ අනුව ඇගේ සිරුර එම දේවස්ථානයේ මිහිදන් කෙරෙනු ඇති.

එලිසබත් රැජනගේ අවමගුල් උළෙලට 2000කට අධික රාජ්‍ය නායකයෝ සහ ප්‍රභූහු සහභාගි වනු ඇතැයි ද වාර්තා වේ.

මියයන විට 96 හැවිරිදි වියේ පසුවූ එලිසබෙත් රැජනගෙන් පසු ඇගේ ඩොලර් බිලියන 50ක උරුමය හිමිවන්නේ චාල්ස් කුමරුට, ඈන් කුමරියට, එඩ්වඩ් සහ හැරීකුමරුන්ටය.

නව රජු ලෙස චාල්ස් කුමරු නම් කර ඇති අතර ඔහු ”තෙවැනි චාල්ස්” ලෙස හඳුන්වනු ලබයි.

ලොව කිසිදු රාජ්‍ය නායකයකු සංචාරය නොකළ අයුරින් ඇය රටවල් 120ක සංචාරය කර ඇත.

ඇගේ දේහය ස්කොට්ලන්තයේ මැල්ඩෝරට් මාලිගයේ සිට රාජකීය දුම්රියෙන් ලන්ඩනයට ගෙන එනු ඇත.

එලිසබෙත් රැජන මියයන විට ඇගේ ඇඳ සමීපයේ චාලස් කුමරු සහ ඈන් කුමරිය සිට ඇති බව වාර්තා වේ.

එලිසබෙත් ඇලෙක්සැන්ඩි්‍රයා මේරි නමින් හඳුන්වනු ලැබූ එලිසබෙත් රැජනගේ අභාවය ගැන බ්‍රිතාන්‍ය ජනතාව මහත් සංවේගයට පත්වී ඇත.

රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජාතිය අමතමින් චාල්ස් කුමරු සඳහන් කර සිටියේ ඇයට අවසන් ගෞරව දැක්වීම පිණිස විලියම්, කේට්, හැරී මෙන්ම මේගන් මාකල් ද එක්වනු ඇති බවයි.

ඒ අනුව එළඹෙන 19 වැනිදා මෙරට ද ”ජාතික ශෝක දිනයක්” ලෙස නම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ද සඳහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.